සේවයට පැමිණීම අත්‍යවශ්‍ය නොමැතිනම් අවම වශයෙන් සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර එම සංවිධාන මූලස්ථානයේ සේවයේ නිරත සේවකයන්ට ඊයේ (13) දැනුම් දුන්නේය.
‘‘අපට ලැබී ඇති වරම අනුව අපි රාජකාරී කළ යුතුයි. එහෙත් මූලස්ථානයේ සිටින පිරිස අඩු කළ යුතුයි. එය කරන්නේ අපි සියලු දෙනාගේ ආරක්ෂාවට’’ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.
‘‘ඔබේ සෞඛ්‍යයට මම ප්‍රමුඛතාව දෙනවා. ආරක්ෂිත වෙන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම කරුණාවන්ත වෙන්න’’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය කාර්යමණ්ඩලයට යැවූ පණිවුඩයේ සඳහන් විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ 3,000කට ආසන්න පිරිසක් සේවය කරති.
පිලිපීන රාජ්‍ය තාන්ත්‍රිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි මේ සතියේදී වාර්තා වූ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලෙන් වාර්තා වූ පළම කොරෝනා ආසාදිතය ඔහු විය.
ලොව සංවිධාන සහ සමාගම් රැසක් දැනටමත් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිවෙස්වල සිට සේවය කරන්නැයි සිය කාර්යමණ්ඩලවලට දැනුම් දී ඇත.
ඒ.එෆ්.පී.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් එක්ක අපේ රටේ ප්‍රයිවට් කොම්පැණි.. කොරෝනා නෙවෙයි පරමාණු බෝම්බ දැම්මත් හෙට වැඩට එන්න කියයි.. නැත්තම් අතින් නිවාඩු දාලා ඒවත් ඉවර වුණාම නෝපේ දාන්න කියයි. සති තුනක් නාවොත් රෙඩ් නෝටිස් තමා.. නොදකින්.. ලාභ විතරක් හොයන මනුස්සකම් නොදන්න ඒවා තමා 90% තියෙන්නේ මේ රටේ..