සිකුරාදා දිනවලදී ඉස්ලාම් දේවස්ථානවලදී සිදුකරන ජුම්මා යාච්ඥාව, දිනකට පස්වරක් කරනු ලබන සාම්ප්‍රදායික යාච්ඥා පහ ඇතුළු සියලු මහජන රැස්වීම් ආදිය තාවකාලිකව නවතාදමන ලෙස සියලු මුස්ලිම් සංවිධානවලින් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසයි.
පවත්නා තත්වය හමුවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඬලීම සඳහා මෙම පියවර ගන්නා බවද එම සංවිධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථානුකූල හොඳ වැඩක්. මේ වෙලාවේ ජාති, ආගම් භේද බලන්න බැහැ. සියලු ජාතීන් සහයෝගයෙන් මුහුණ දිය යුතු ප්‍රශ්නයක්..