කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. මෙම මරණය සිදුවී ඇත්තේ අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ බවද වාර්තා වේ.
 
72 හැවිරිදි මෙම තැනැත්තා  මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.
 
ඒ අනුව මෙරට වාර්තා වන තුන්වන කොරෝනා මරණය මෙයයි.