ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇමෙරිකානු ඩොලර් 800,000ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 15) වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
අත්‍යවශ්‍ය විද්‍යාගාර උපකරණ, රෝහල් උපකරණ, පෞද්ගලික ආරක්ෂණ උපකරණ යනාදිය ඊට ඇතුළත් වේ.
‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය දීමක් ලෙස එම උපකරණ මෙරටට පරිත්‍යාග කර ඇත.
මුඛ ආවරණ සහ අත් ආවරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂණ උපකරණ 45,000,000වැඩි ප්‍රමාණයක් , පී.සී.ආර්. යන්ත්‍ර සහ නළ 10කට වැඩි ප්‍රමාණයක් , රෝහල් ඇඳන් හා ඔක්සිජන් ටැංකි යනාදී රෝහල් උපකරණ 350කට වැඩි ප්‍රමාණයක් , ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල 120ට වැඩි ප්‍රමාණයක්, පරිගණක සහ විඩියෝ සම්මන්ත්‍රණ සඳහා භාවිත කරන උපකරණ 50කට වැඩි ප්‍රමාණයක් , වෛද්‍ය පරිභෝගික උපකරණ හා භාණ්ඩ අයිතම සහ කට්ටල 1,500කට වැඩි ප්‍රමාණයක්, ජෛවරසායන සහ රුධිර විද්‍යාවට අයත් අයිතම 5ක් සහ දැනුවත් කිරීමේ පත්‍රිකා සහ පෝස්ටර් 55,000කට වැඩි ප්‍රමාණයක් මෙම වෛද්‍ය ආධාර තොගයට අයත් වේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක සෞඛ්‍ය සංවිධානයට හා ඕස්ට්‍රේලියාවට ස්තූති වේවා...!!!
අනේ මන්දා අගමැති කීවා නේද කිසි දෙයක් ලැබුනේ නෑ කියලා... අන්තෝ ජටා බහි ජටා....
ඕකත් නැවෙන් ආවෙ නැහැ කියයි... වෙලාවට ෆොටෝ එකක් තිබ්බේ...
" ආධාර කියලා බඩු දීලා හරියන්නේ නැහැ. අතට සල්ලි දෙන්න ඕනා. එතකොට තමයි.. සුනාමියේදී වගේ මට අතපය දිගහැරලා වියදම් කරන්න පුළුවන්.... එත් දැන් දැන් මුන් මගේ අතට සල්ලි දෙන්නේ නැහැ.... ඔය අර නොදන්නකමට සුනාමියට ලැබුන ඩොලර් මිලියන ගණනක් මම වියදමට තියාගත්තු නිසානේ. ඒ කොයි කාලේද .? මේ සුද්දන්ට ඕවා තවමත් මතකයිනේ.. දැන් ටීවී එකට කියනවා ඩොලර් මිලියන 50 ක් ලංකාවට දෙනවා කියලා. හෙට සුද්දෙක් ලොරියක් අරන් ඇවිත් මොනවාහරි තඩි පෙට්ටි ටිකක් බාලා ..ෆොටෝ ගහලා ..වීඩියෝ කරලා කියනවාමේ අර ඩොලර් මිලියන 50 පරිත්‍යාගය කියලා.. නොදකින් ..මට ඔය ජරාව ඕන නැහැ . දෙනවානම් කෑෂ් අතට දෙන්න ඕනා.. නැද්ද ..හාන්දුරුවනේ...? "
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 15 ක වෛද්‍ය ආධාර ලැබීම රටවැසියන්ට ලොකු සහනයක් ...
මේ අය කැමති නැහැ රට (අපි) සංවර්ධනය වෙනවට. එකයි මේ සල්ලි අපේ ගිණුමට වලට එවන්නේ නැත්තේ.
ශ්‍රී ලංකාවට කෝටි 15 ක වෛද්‍ය ආධාර භාණ්ඩ වශයෙන් දෙන්නේ ඒ ඇත්තොත් දන්නවා ඇති පසුගිය මාසය තුලදී ලැබුන මුදල් ආධාර මහජනයාට නොදී බහිරවයින් ගිල්ල බව.
කෑෂ් ලැබුණානම් තමයි මේ සැරෙත් ලංකාව ආසියාවේ ආස්චර්‍යය කරන්න තිබුනේ. මේ අධ්රාජ්‍යවාදී යටත් විජිතවාදී බටහිර රටවල් අපිට එහෙම කරන්න දුන්නම් තමයි හොඳ නේද අපේ හාමදුරුවනේ...?
සුනාමියට පසු අපේ රටට මුදල් ආධාර් නොදීමට යුරෝපා සංගමයේ තීරණයක් තිබුණා.