( තිළිණි ද සිල්වා )
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ කැමැත්තෙන් පසුවන බව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අද (26) පැවසීය.
මෙම පිරිසට ලාංකික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වන බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
විදේශ සබදතා අමාත්‍යාංශය යටතේ පිහිටවු " කන්ටෑක්ට් ශ්‍රී ලංකා නැමැති සජීවි අන්තර්ජාල ප්‍රවේශය සහප වෙනත් මාධ්‍යයන් හරහා මෙම පිරිස් යළි දිවයිනට පැමණීමට කැමැත්තෙන් සිටින බවට දන්වා ඇතැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි.
මෙම පිරිස් නැවත දිවයිනට ගෙන්වීමේදී රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියා රටවලට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය.
ඉන්පසුව වෙනත් රටවල වර්ධනය වෙමින් පවතින මෙවැනිම තත්වයන් පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, නැවත සියරට පැමිණවීම සඳහා තීරණ ගැනීම සහ පහසුකම් සැපයීමට ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සලකා බැලීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙන බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
පීඩාවට පත්ව සිටින එතෙර ලාංකිකයින් ගෙන්වීමේ ක්‍රියාවලිය විදේශ සබදතා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ තවත් ජාතික ආයතන රාශියක් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
බොහෝ අවස්ථාවල දී, එතෙර සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම අවම කිරීමට ශ්රී ලංකා දූත මණ්ඩලවලට හැකි වූ බවත් ,සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM), කැරිටාස් සහ රතු කුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් සපයනු ලබන ආධාර එම දූත මණ්ඩලවල කාර්යයන් වැඩිදියුණු කිරීමට ඉවහල් වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
COMMENTS
ජනාධිපතිවරණයට පොලියට සල්ලි අරන් අතින් ටිකට් අරන් එ් මුදල්වල පොළී තවම ගෙවනවා... ඉතින් මේ පාරත් එන්නද කියන්නේ සිංහ කොඩි අරගෙන?
සිංහ කොඩි අරන් මේ මැතිවරණයේදීම එන්නම් ඡන්දෙ දෙන්න අනික් පැත්තට...
අපිට ගහන්න ඕනේ සිංහ කොඩි අරගන ආවට...
සිසුන් විතරක් ගෙන්වා ගන්නේ රැකියා කරන අපිවත් ගෙන්න ගන්නකෝ...
කොයි ලෝකේ ගියත්, අන්තිමට එන්නේ අම්ම ළඟට... මෙය සදාකාලික නියතයක්...!
අපි මෙච්චර කලක් රටට විදේශ විනිමය හොයලා දුන්නා. බලමු මේ සැරේවත් අපට එන්න අවස්ථාවක් ලබාදේවිද කියලා. මම සෞදි එම්බසි එකට කතා කළාම ලියාපදිංචි වෙන්න... ඒ අය අහනවා ඔයා වැඩකරන තැනින් පැනලා ගිහිල්ලද කියලා.. ඔන්න එයාලා අපගැන හිතන විදිහ..
ඉතාලියේ අය නීත්‍යානුකූලව රැකියාව කළා නම් ඔවුන්ට ඉතාලි අාණ්ඩුවේ සියලු දීමනා ලබාගත හැකිය.. හොරට වැඩකර වැඩි මුදල් හොයන්න ගිය අය කබලෙන් ලිපටය. තිත්ත වුණත් ඇත්ත එයයි...
අපේ රටේ අය අපට වටිනවා. ඒකට තමයි අපේකම කියන්නේ. ඒත්, රට ගිය සමහර දෙනා මේ රටට බොහෝවිට කලේ අවමන් සහ මදි පුංචිකම්. සිංහල බස කතා කිරීම ගැන ඔවුනට තිබුනේ ලැජ්ජාවක්. එවන් අය මින්පසු හෝ නිවැරදි ලෙස සිතත්වා...!!!
එක වතාවක් "ඡන්දෙට ආමි " කියලා බෝඩ් අල්ලාගෙන ආව කට්ටිය මතක් වෙනවා.
නිකම් බොරු සංදර්ශන දාන්නේ නැතුව ඉන්නවා හලෝ - රවිනාථ. ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරුව, හරක් පට්ටියක් වගේ මිනිස්සුන්ව ගෙවල්වල හිරකරලා. ආධාර දෙන්නේ තමන්ගේ පක්ෂේ අයට විතරයි. එන්න ඉන්න 27000ගේ මොලේ පරීක්ෂා කරන්න වෙයි.