(ටී.කේ.ජී.කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ , ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව , ඔවුහු රැඳී සිටින නේවාසිකාගාරවල කොටු වී සිටිති.
දැනට පනවා ඇති ඇදිරි නීතිය සහ දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු අත්හිටුවා තිබීමෙන් මෙම සේවක පිරිස් නේවාසිකාගාර වල සිටිති.
මේ නිසා ඔවුන්ට එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා මුදල් නොමැතිකමින් අසරණ වී සිටිති .
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට අමතරව , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වා ගෙන යනු ලබන ආයෝජන කළාප 13 ක එනම් බියගම , කොග්ගල , පල්ලෙකැලේ , මීරිගම ඇතුළු කළාප , අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවත්වා ගෙන යනු ලබන දංකොටුව වැනි ආයෝජන කළාප සහ කාර්මික ජනපද ලෙස ක්‍රියාත්මක වන ඒකළ , රත්මලාන වැනි කළාප වල සේවය කරන සේවකයින් ද මෙම ගැටළුවට මැදි වී පීඩා විදිමින් සිටිති .
මෙම ගැටළුව තවත් උත්සන්න කිරීමට හේතු වී ඇත්තේ , දැනට මෙම කළාප තුළ ක්‍රියාත්මක වන එදිනෙදා සේවය ලබා ගෙන වැටුප් ගෙවන " මෑන් පවර් " ක්‍රමයයි.
මේ නිසා විශාල සේවක පිරිසක් දිනපතා වැටුප් ලබන කුළී කරුවන් පිරිසක් බවට පත්ව සිටින අතර , ඔවුන්ට නිශ්චිත හාම්පුතෙකු නොමැති වීම ද මෙම ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් වී තිබේ.
මෙම ක්‍රමය කොතරම් දුරට මෙම කළාප තුළට කිදා බැස ගොස් ඇත් ද කිවහොත් , කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ථ සේවක පිරිස 35,000 අතුරින් , 10,000 ක් ම මෙම ක්‍රමය යටතේ යටතේ සේවය කරන පිරිසක් වීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය.
මේ තත්වය යටතේ , මෙම සේවකයින් දැනට මුහුණ දී සිටින අපහසුතාවලින් ගලවා ගැනීම සදහා , ඔවුන්ට තමන් සේවය කළ කම්හල් වෙතින් , දින 15 ක වැටුප වත් ලබා දීමට පියවර ගන්නේ නම් ඔවුන්ට මහත් අස්වැසිල්ලක් බව මෙම සේවකයෝ පෙන්වා දෙති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවා රජය සහ හාම්පුතුන් ගේ වගකීම.
මේ අන්ත අසරණ අපේම සහෝදර සහෝදරියන් කොටසක් . නිකම් දවස්වලට මේ මෑ න් පවර් අය ස්ථිර කරන්න කියල සංදර්ශන දමන ජෙප්පෝ , ගංවතුර කාලෙට කෑම බෙදන අබලන් දේශපාලුවෝ , මොකෙක්වත් මේ අසරණයෝ දිහා බලන්නේ නැත්ද ?
ලංකාවේ ඇති ප්‍රායෝගික ප්‍රශ්න ගැන කිසිත් නොදන්නා, කොල්ලෝ කුරුට්ටෝ ලොක්ඩවුන් කරන්න කියති, ඇඳිරි නීතිය දමන්න කියති. අපේ රටට වටින්නේ අඩුම තරමේ විදේශ විනිමය වත් ගෙනා ඔබලා මිස, ෆේස්බුක් එකේ, ඉන්ස්ටාග්‍රම් එකේ, ට්විටර් එකේ දේශනා දෙන ගැහැණුන් නොවේ.