(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
COMMENTS
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට වඩා කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් කටයුතුකිරීමට සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත්කර ගන්න.
අන්තර්ජාලය හරහා රාජ්‍ය ආයතන වල සමහර සේවා පවත්වාගත හැකියි.
දැනට ලංකාවට ලොකුම තර්ජනයක් තිබෙන්නේ ඉතාලෙන් එන මගින්ගෙනුයි. ඒ නිසා කරුණාකර ඉතාලියට පනවා ඇති ගුවන් ගමන් තහනම තව මාසයකටවත් දීර්ඝ කරන්න.
මාසයක් හරි නිවෙස් වලම සිට මේ උවදුර පාලනය කරගනිමු. වසංගත තත්වයක් ඇති වුවහොත් එම වැඩ රටේ ආර්ථිකයට බලපාන්න පුළුවන්. මාසයක් නිවෙස් වල සිට කෝපවෙලා ඉදිරි කාලයේ රට ගොඩ නගන්න කව්රුත් කැපවෙමු. අපේ රටේ කිසිවෙකුට මරණය අත්නොවේවා කියලා ප්‍රර්ථනා කරමු.