IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙරළ තීරයට ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන සමීක්ෂණයක්

(ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ප්‍රසිද්ධ වෙරළ තීරයන් ගංගාවල  මෝයකටවල්, ධීවර වරායන්  වෙළඳ වරායන් ආශ්‍රීතව  පොලිතින් ප්ලාස්ටික්  ඝණ  හා ද්‍රව අපද්‍රව්‍ය බැහැරවීම පිළිබඳ සමීක්ෂණයක් කිරීමට  සැලසුම්කර ඇතිබව  සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

කොරෝනා වසංගතයත් සමඟ  පොලිතින් ප්ලාස්ටික්  සහ ඝණ අපද්‍රව්‍ය වෙරළ තීරයන්ට හා ජලතලයට බැහැරවන ප්‍රමාණය අඩු වී ඇති බවට තමන් විශ්වාස කරන බවත් එහි වාර්තමාන තත්වය පිළිබඳ නිගමනයක් ලබා ගැනීම සඳහා මෙම සමීක්ෂණය සිදුකරන බවද  ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා මෙසේද කීවේය.

       ‘‘කොරෝනා වසංගතයට පෙර ප්‍රසිද්ධ වෙරළ තීරයන්  මෝය කටවල් ආශ්‍රීතව කාර්මික ජනපද ආශ්‍රීතව හා ධීවර වරායන් හා වෙළඳ වරායන්  ආශ්‍රීතව ජල දූෂණය හා වෙරළ දුෂණයන් පිළිබඳ දත්ත අපි ළඟ තියෙනවා. 

කොරෝනා වසංගතයත් සමඟ මෙකි ස්ථානවල ජල දූෂණය හා වෙරළ දූෂණය පිළිබඳ දත්ත ලබාගෙන ඒ ගැන විමර්ශනයක් කර  වර්තමාන  තත්ත්වය හඳුනා ගැනීම තමයි මෙම සමීක්ෂණයේ අරමුණ. 

සමීක්ෂණය කරන නිලධාරීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරලා තහවුරු කර තමයි මෙම සමීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ. කැළණි හා කළු ගංගා ආශ්‍රීත මෝය කටේ ජල දූෂණ තත්ත්වය. බැරලෝහ පිළිබඳ තත්වයන් ගැන සමීක්ෂණය කරනාවා.

ත්‍රිකුණාමලය , යාපනය , නිලාවෙලි මීගමුව දෙහිවල වැල්ලවත්ත හික්කඩුව  බේරුවල ,  උණවටුණ අංහගම , මිරිස්ස පොල්හෙන , මාතර , හම්බන්තොට , තංගල්ල කිරින්ද පරෙවි වැල්ල  ඇතුළු ප්‍රසිද්ධ වෙරළ තීරයන් පිළිබඳ මෙම සමීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

 

 



අදහස් (1)

වෙරළ තීරයට ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන සමීක්ෂණයක්

රජින්ද Wednesday, 08 April 2020 04:15 AM

මේවා කරන්නේ හිතක් පපුවක් ස්වභාවධර්මයා ගැන කිසිම තැකීමක් නොකරන මුග්ධ මිනිසුන් සහ කර්මාන්තශාලා හිමිකරුවන් විසිනුයි. ලෝකේ විනාශ කරන ඔවුන් නොමැති තාක්කල් මුළු ලෝකෙම සුන්දරයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site