( රංජිත් කරුණාවීර)
කුරුණැගල, වාරයපොල, හරගම්මන ප්‍රදේශයේ කොරෝනා ආසාදිතව ඇති බවට හදුනාගත් වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලාගේ බිරිදගේ පියා, අද (24) දින උදැසන දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත හමුදා නිළදාරින් විසින් කැදවාගෙන යන ලදී.
සෙබලාගේ මාමණ්ඩිය (බිරිදගේ පියා) රිදිමාලියද්ද, තලාවේගම ගම්මානයේ ජීවත් වන අතරතුරදී එලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.
ඒ සමගම එම පුද්ගලයා පදිංචි නිවසේ සියලු දෙනා ඇතුලු නිවාස 07ක පුද්ගලයන් 23 දෙනෙකු, රිදිමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර් යාලයේ ප්‍රධානි වෛද්‍ය අමිල ත්‍රීමාවිතාන මහතා අතුලු මහජන සෞඛ්‍ය පරික්ෂක දිලංක එදිරිසිංහ මහතා විසින් නිවාස තුලම නිරෝධායන වන ලෙසට නියෝග කෙරිනි.
කොරෝනා ආසාදිත ලෙස හදුනාගැනුන නාවික හමුදා සෙබලාගේ මාමන්ඩිය පසුගිය කාලය තුළ මාසයකට අධික කාලයක් හමුදා සෙබලාගේ නිවසේ රැදි සිට ඇති අතර ,ඔහු නිවාඩු පැමිණ දින දෙකක්ද ඔහු සමග එම නිවසේ රැදී සිට, පසුගිය 19 වන දින රිදිමාලියද්ද තලාවේගම ගම්මානය වෙත පැමිණ තිබේ.
, එලෙස පැමිණිමෙන් අනතුරුව ගම්මානයේ පවුල් 07 ක සාමාජිකයන් සමග ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති බවට තොරතුරු අණාවරණය කර ගැනිමට හැකි වී ඇත. ඒ අනුව එම ප්‍රිය සම්භාෂණය සදහා සහබාගි වු පවුල් 07ක දරුවන් ඇතුලු පුද්ගලයන් 23 දෙනෙකු නිවෙස්තුලම නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් කටයුතු කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වාරියපොළ නාවික සෙබළාගේ මාමන්ඩිය ඇතුළු රිදිමාලියද්දේ නිවාස 7 ක පිරිස් නිරෝධායනයට