රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ඊයේ දිනයේදී කටුපොත ප්‍රදේශයේ දී හමුවූ කොරෝනා ආසාදිත නාවික හමුදා නිලධාරියා සමීපව ඇසුරු කල බව හෙලිවීමත් සමග අද (24) වාරියපොල ප්‍රාදේශීය සභා කාර්‍යාලය වසා දැමුනු බව සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා පැවසීය.
කොරෝනා ආසාදිත නාවික නිලධාරියාගේ නිවස අසල ප්‍රාදේශීය සභාවේ සේවකයාද පදිංචි බව පැවසූ සභාපතිවරයා කාර්‍යාලයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන කාර්‍යාලය වැසීමට තීරණය කල බවත් ඉදිරි දින දෙක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බැවින් අදාළ විමර්ශන සහ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සදුදා කාර්‍යාලය විවෘත කිරීමට බලාපොරොත්තුවන බවද වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd