(ඩි.ජී.සුගතපාල සහ සිරි නිහාල් ගමගේ)
ස්වයං නිරෝධායනයට යොමුවි සිටි කාන්තාවකගේ නිවසට ගොස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පෙනි සිටි සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නියෝග කර සැකකරු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධික්ෂණය යටතේ දින 21ක් පෝද්දල තම නිවසේ නිරෝධායනය විය යුතු බවටද බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (18) නියම කළේය.
මෙසේ ඇප මත මුදා හැර නිරෝධායනය විමට නියෝග කරනු ලැබුවේ අම්බලන්ගොඩ පොල්වත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඉසින යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන පෝද්දල කොහොඹනාදෙණිය පදිංචි පෝරඹ ගෙදර අමිල ජනිත් නමැති සැකකරුවෙකුටය.
කොළඹ රැකියාව කරන වඳුරඹ මැදකිඹියේ තරුණියක් ඇඳිරි නිතිය පැනවිම නිසා තම නිවසට පැමිණ සිටියදි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇය නිවස තුල දින 14ක් නිරෝධායනයට යොමුකර ඇත.
මේ අතර ඊයේ එම නිවසට පැමිණි සැකකරු තමා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බව දන්වා ගැටලු තිබේනම් දැනුම්දෙන ලෙස පවසා ඔහුගේ ජංගම දුර කතන අංකය සහ රුපියල් 2000ක්දි ඇයගේ හැඳුනුම්පතේ ඡායාරුපයක්ද ලබාගෙන පිටව ගොස් ඇත.
පසුව එම කාන්තාවට ඇතිවු සැකයක් නිසා නිරෝධායනයට යොමු කරන ලද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ දුර කතනයට කතාකර සිද්ධිය පවසා ඇත.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වඳුරඹ පොලිසියට දැනුම්දිමෙන් පසු අන් අයෙකු ලෙස පෙනි සිටිමේ චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාජ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිරෝධායනයට