IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන දත්ත ගබඩාවක්

(විනීතා එම් ගමගේ)

දකුණු ආසියාවේ රටවල වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් හා අනෙක් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත ගබඩාවක් සම්පාදනය කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

මේ වනවිටත් අමාත්‍යංශය දකුණු ආසියාවේ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කරමින් සිටින අතර කොවිඩ් වසංගතය තුරන් වීමෙන් අනතුරුව අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ අරමුණින් මෙම දත්ත ගබඩාව සකස් කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ඉල්ලීම් මෙම වයිරසය මැඩ පැවැත්වීමෙන් පසු සලකා බැලෙන බවත් එතෙක් වර්තමානයේ සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳෙමින් සිටින ලෙසත් අමාත්‍යංශය ඉල්ලා සිටියි.

නවදිල්ලිය චෙන්නායි, මුම්බායි, කත්මන්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විශේෂ ඍජු දුරකථන ඇමතුම් මාර්ග සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිහිටුවා ඇති අතර ඒ හරහා සුරක්ෂිත බව තහවුරු කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

මෙකී රටවල විශ්ව විද්‍යාලවලට බඳවා ගෙන ඇති සිසුන් විශාල පිරිසකට නේවාසිකාගාර,ආපන ශාලා, සහ වෛද්‍ය පහසුකම් සඳහා අඛණ්ඩ ප‍්‍රවේශය ලබාදීම සහතික කිරීම සඳහා දූත මණ්ඩල හා අදාල අධ්‍යාපන ආයතන නිරන්තර සම්බන්ධතා පවත්වමින් සිටින බව ද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ අතර තවත් අතිරේක පියවරක් ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී  ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය එක්ව නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාව අමතන්න මාර්ග ගත වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ලෙස ද එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට අමාත්‍යංශය ආරාධනා කර සිටියි.

 



අදහස් (0)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන දත්ත ගබඩාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site