IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


විදේශයන්හි සිට එන සිසුන් නිරෝධායනයට මොරටුව තාක්ෂණායතනයේ නේවාසිකාගාරය

(ඩයනා උදයංගනී)

විදේශ අධ්‍යාපන සදහා ගොස් සිටින සිසුන් ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන කටයුතු කිරීම හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාර ගොඩනැගිලි ලබා දී තිබේ.
 
එය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිල වශයෙන් භාරදීම උසස් අධ්‍යාපන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සහ තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
 
මෙම විශ්ව විද්‍යාලයේ ඇති නේවාසිකාගාර කාමර 256 ක් මේ වෙනුවෙන් ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නිසි බලධාරී ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ලංකාදීපයට පැවසීය.
 
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට අද (4) මෙරටට ගෙන්වූ සිසුන් 207 දෙනා මෙහි නිරෝධායනය වන පළමු කණ්ඩායම ලෙස පැමිණි බව ද මහාචාර්යවරයා සදහන් කළේය.
 
කොරෝනා වංසගත තත්ත්වය සමනය වී විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු යළි අරඹන තුරු මෙම ආයතනය නිරෝධායන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දී තිබෙන බව කී සුනිල් ජයන්ත නවරත්න මහතා මෙහි පැමිණෙන පිරිස්වලට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සපයනු ලබන බව ද කීවේය.
 
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, යුධ හමුදාව නියේජනය කරමින් මේජර් ජනරාල් මඩවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීහු සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද මෙම ආයතනය යුද හමුදාව වෙත භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (5)

විදේශයන්හි සිට එන සිසුන් නිරෝධායනයට මොරටුව තාක්ෂණායතනයේ නේවාසිකාගාරය

අතපත්තු Monday, 04 May 2020 11:10 AM

අනාගතයේ මේ රට පාලනය කරන්න ඉන්න වැදගත් දෙමව්පියන්ගේ දරුවන් වැලිකන්ද වව්නියා මුලතිවු වගේ දුෂ්කර නොයවා මොරටුවේ තබාගෙන පහසුකම් ලබාදීම පිලිබඳ ආණ්ඩුවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

:       69       61

chandimaMonday, 04 May 2020 06:20 PM

ඒ කියන්නේ මේ රටේ විශ්ව විද්‍යාලවලට යන, මේ රටේ ඉගෙන ගන්න දරුවන්ට රට පාලනය කරන්න ලැබෙන්නේ නැතුව වගේ? මොකද ඒ අම්මල තාත්තල වැදගත් නැතිද?

:       0       16

ඩිල්ෂාන් ප්‍රනාන්දු Monday, 04 May 2020 08:26 PM

නෑ තමයි.

:       0       0

chandima Monday, 04 May 2020 06:29 PM

විශ්වවිද්‍යාල නිවාඩු නිසා හොඳට ගියා, නැතිනම් රතු ඇඳගෙන රතුපාටින් ලියපු බෝඩ් බැනර් උස්සගෙන අම්ම තාත්ත මලා වගේ බෙරිහන්දිදී යන කොල්ලෝ කෙල්ලෝ එක්කල එකතුවෙලා අපේ සුපෙක්ශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලත් තාප්ප උඩ නැගල සදිව්ලොකෙට පණපිටින් යන්න දඟලන හැටි බලන්න තිබුන අපට... අර කැඳවුම් කාරයද? මොකාද? කියන හිකණලා කොරෝනවලට බයේ ගෙදර වෙන්න ඇති මගේ හිතේ? අනේ මේ කොරෝන වලට පින් සිද්දවෙන්න උන්නාන්සේලා පන්සල්වල නායක හාමුදුරුවන් වහන්සේලාත් එක්කල ඉන්න ටිකේ අඩු තරමින් පාන්සකුලේ දෙන්නවත්, බනපදයක් කියන්නවත්, ඉගෙන ගන්නවා නම්?

:       2       107

Grex Tuesday, 05 May 2020 03:26 AM

කොරෝනා වලින් පස්සෙ කාලවල් වලදිත් නේවාසිකාර මේ තත්වයෙන් පවත්වාගෙන යන්න බැරි වෙයිද? මකුණන් බෝවිම නිසා විශ්වවිද්‍යාල වසාදමන තරම් පාලනාධිකාරියක් සහ ශිෂ්‍යයන් පිරිසක් ඉන්න රටක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site