(දිමුතු සදරුවන්)
රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ සහ අයි සී යූ ඇඳන් තුනක් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් අද (28) පානදුර මහ රෝහලට පරිත්‍යාග කළේය.
පානදුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය වෙත මෙම උපකරණ කට්ටලය භාර දීම සිදු කළේය.
ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා , ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා , ඉංජිනේරු සංගමයේ නිලධාරින් පිරිසක් සහ පානදුර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ව්‍යාපාරිකයන් , ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශීලීන් කොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප‍්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. කිසිවිටෙක දේශපාලකයන් වෙත විශේෂයෙන් මුදල් පරිත්‍යාග ලබා නොදෙන මෙන් ඉල්ලා සිටිමි. එසේ නොමති උවහොත් 2004 සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා කීමට අවශ්‍ය නැත.