බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකදී අලුතින් උපන් බිලිඳෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

එම බිලිඳා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ ලාබාල තම කොරෝනා ආසාදිතයා බව සැලකේ.
දරුවාගේ මවට නිව්මෝනියාව වැළඳී ඇතැයි වෛද්‍යවරුන් පළමුව සැක කර තිබූ අතර පසුව ඇයට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන තිබිණි.
දරු ප්‍රසූතියට පෙර ඇයව වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ අතර, දරුවා බිහිවීමෙන් පසු නිකුත් වූ වෛද්‍ය ප්‍රතිඵල අනුව ඇයට වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව දරුවා ද පරීක්ෂා කර ඇත.
බිලිඳාට වයිරසය ආසාදනය වූයේ ගර්භාෂයේ සිටියදී ද නැතහොත් දරු උපතේදී ද යන්න මේ වනතෙක් සොයාගෙන නොමැත.
එම බිලිඳාට මේ වනවිට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවද, මව වෙනත් විශේෂ ප්‍රතිකාර ලබාදෙන රෝහලට මාරු කර යවා ඇති බවද වාර්තා වේ.
(ද ගාඩියන්)
16844

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.