(තිළිණි ද සිල්වා)

කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී මිය ගොස්  ඇතැයි  එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලාංකිකයෙකි.මොහු මහරගම වත්තේගෙදර පදිංචි අයෙකි.

කොරෝනා වයිරස ආසාදනය වී විදේශ රටකදී මියගිය දෙවැනි ලාංකිකයා මෙම පුද්ගලයාය. පළමුවැන්නා ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වූ ලාංකිකයෙකු ඉකුත් 25 වැනිදා මරණයට පත්විය.