IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරීමෙන් ලෝකයටම විශාල වන්දියක් ගෙවන්න වුණා’

කොවිඩ්-19’ වසංගතයට එරෙහි සටනේදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ නොසලකා හැරීම නිසා සමස්ත ලෝකයටම විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇතැයි ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (18) ප්‍රකාශ කළේය.
 
අන්තර්ජාලයේ සහාය ඇතිව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වාර්ෂික සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ බව සඳහන් කළේය.
 
‘‘ඇතැම් අවස්ථාවලදී ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරියා. ඔවුන් ඇතැම් අවස්ථාවලදී පරස්පර උපායමාර්ග භාවිත කළා. මේ නිසා අපි සියලු දෙනාට විශාල වන්දියක් ගෙවීමට සිදුවුණා’’ යැයි හෙතෙම කීය.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතනයකි. එහි සාමාජික රටවල් ගණන 194කි. සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ලොව ඉහළම ආයතනය වන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය වන අතර සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් මෙය සමන්විත වේ.
 
සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ නිවහන වන ජිනීවා නුවර ‘පැලැස් ඔෆ් නේෂන්ස්’හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුව පැවැත්වෙයි. එහෙත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මෙවර එය පැවැත්වෙන්නේ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය. 
 
ඒ.එෆ්.පී.
055



අදහස් (10)

‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හැරීමෙන් ලෝකයටම විශාල වන්දියක් ගෙවන්න වුණා’

Samitha Senaka Aluthgamage. Monday, 18 May 2020 12:42 PM

එතකොට WHO නායකයා කලින් කියා තිබුනේ කොරෝනා ගෝලීය වසංගතයක් ලෙස පැතිරෙන්නේ නැහැයි කියලා. ලෝක බලවතුන් එය විශ්වාස කල නිසා තත්වය නරක අතට හැරුනේ නැතිද ? අනේ මන්දා..

:       150       551

ChampaMonday, 18 May 2020 02:07 PM

COVID-19 කියන්නේ අලුත් වෛරසයක්. මාස ගානක් තිස්සේ ඒ ගැන පරීක්ෂණ පවත්වන ලෝකයේ ඉහලම පෙලේ විද්‍යාඥයන්ටත් තාම ඒකෙ අගක් මුලක් හොයා ගන්න බැරි වෙලා තියෙන කොට ලෝක සෞඛ්‍ය සංවිධානයට වරද පැටවීම වැරදියි.

:       327       59

Samitha Senaka Aluthgamage.Monday, 18 May 2020 03:36 PM

ඔබතුමිය මතුපිටින් පෙනෙන අර්ථය ගැන පමණක් සිතුවාට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට හිතළු කියන බැහැ. ඔහුට වගකීමක් තියෙනවා.

:       308       505

amarasiri Monday, 18 May 2020 08:31 PM

අනේ චම්පා ඔයා දන්නා දෙයක් නැහැ. බොරු වපුරන්නේ නැතිව ඉන්න.

:       1       69

rasikaMonday, 18 May 2020 04:01 PM

බලන්න එහෙම කියල තිබිලත් ලංකාව වගේ දුර්වල ආර්ථිකයක් තියෙන , පහසුකම් අඩු රටක් , මේ වසංගතය සාර්ථකව මර්දනය කලා. සැම දෙයකටම වඩා වැදගත් වන්නේ සමගිය සහ නිවැරදි නායකත්වය. නිවැරදි නායකත්වය තියෙනවා නම් ඕනෑම රටකට අබියෝග ජය ගන්න එක අමාරු නැහැ. ලංකාව එය දෙවන වතාවටත් මත යුගයේදී ඔප්පු කලා .

:       708       1008

karu Monday, 18 May 2020 06:03 PM

ඔව් දක්ෂ වයිද්‍යවරුන්, විශේෂඥයින් ඇතුළු සියලුම සෞඛ්‍ය අංශයේ සේවයකරන මහත්ම මහත්මීන්ට ඒ ගෞරවය නොමදවම ලැබිය යුතුයි.

:       0       6

kanchanaMonday, 18 May 2020 08:29 PM

ලංකාව එය දෙවන වතාවටත් මතු යුගයේදී ඔප්පු කලා...?

:       0       37

SumuduTuesday, 19 May 2020 04:32 AM

පරීක්ෂණ කරන ගන්න වැඩි කරන්නේ නැහැ. ඒ වුනාට කොරෝන අස්සේ හදිස්සියේම ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න මතක් වෙනවා. මොකද ක‍්‍රීඩාංගණවල තියෙන දේවල් හොර දේශපාලකයෝ දන්නවා...

:       1       16

Kamala Tuesday, 19 May 2020 04:34 AM

රටේ නිවැරදි ලෙස රෝගීන් හදුනාගැනීම් කරන්නේ නැති බව හොදටම පේනවා පරීක්ෂා කරන මට්ටම හරිම අඩුයි. ඉතා දුප්පත් රටක් වන ඇන්ගෝලාව පවා අපිට වඩා වැඩියෙන් පරීක්ෂණ කරනවා . පරීක්ෂණ කරන කොට තමයි නිවැරදි රෝගීන් මට්ටම හදුනා ගන්න පුළුවන්...

:       1       4

රවින් Tuesday, 19 May 2020 05:46 AM

ටිකක් හොයලා බැලුවා. අනුමාන කරන සෑම සෞඛ්‍ය ගැටළුවකටම යම් යම් නිර්දේශ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරලා තියෙනවා. සමහර නිර්දේශ පොදුවේ විවිධ තත්වයන්ට අනුගමනය කළ යුතුයි. උදාහරණයක් ලෙස සෑම වැඩ කටයුත්තකින් පසුවම අත් සබන් ගා පිරිසිඳු කරගැනීම කළ යුතුයි. ඇත්ත. අපි හැමෝම එහෙම කළොත් අපගේ එදිනෙදා කටයුතුවලදී ඇතිවෙන ආසාධනයන් කොපමණ වළක්වා ගත හැකිද? මුලිකව කොවිඩ් -19 ට කියලා විශේෂ වෙනසක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site