(තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව ලංකාදීපයට අද (24) වාර්තා විණි.
වයිරස පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති වීමත් , නේපාලයේ සංචාරක ආකර්ෂණීය ස්ථානය වූත් , කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි විදේශිකයින්ට බහුල ප්‍රදේශයක මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බවද මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා පැවසීය.
කත්මන්ඩු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා පෙන්වා දේ.
එහෙයින් කෙසේ හෝ තම දරුවන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් හා අදාළ බලධාරීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු කීය.
මේවන විට එහි පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට අපේක්ෂායෙන් සිටියද , මෙරට කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමමෙන් දැනට ක්‍රියාත්මක ගුවන් සේවා වලින් හෝ තම දරුවන්ට පැමිනීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා කීය.
එම ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් වලට වැයවෙන මුදල දැරීමට දෙමව්පියන්ට හැකිවක් පවතින බැවින් කෙසේ හෝ රජයේ මැදිහත් වීමෙන් විශේශිත ගුවන් යානයක් හෝ නේපාලයට යවා තම දරුවන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරින් ගෙන් ඉල්ලීමක් කරන බවද වෛද්‍ය කස්තුරි මහතා කීය.
එසේ රජය විසින් තමන් දරුවන් ගෙන්වුවද , කොරෝනා වයිරස පාලනය කිරීමට ගෙන ඇති රජයේ පියවර යටතේ නිරෝධනයට පවා යොමු වීමට එම දරුවන් කැමැත්තෙන් පසුවන බැවින් ඉතා හැකි ඉක්මනින් මෙම දරුවන් පිරිස මෙරටට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපළ වසා ඇත. නීතිය නීතියයි. ඔබට දරුවන් ගැන මතක්වුනේ දැන්ද ? පසුගිය සතියේ අවසාන ගුවන් යානා පැමිණියා ඉන්දියාවේ සිට...... ඔබට ලැබුන හොඳම අවස්ථාව ඔබ මග හැරියා.
වූහාන් ගියා වගේ මේ අයවත් අරන් ඇවිත් නිරෝධායනය කරන්නයි තියෙන්නේ. බැරි වෙලාවත් දේශපාලුවෙක්ගේ එක්කෙනෙක් හිටියනම් වැඩේ ගොඩ.
මම දන්නා තරමින් නේපාලයේ සැලකිය යුතු කොරෝා අන්තරාධායක තත්වයක් නැත. මේ ළමුන් වෛද්‍ය සිසුන් නිසා ඔවුන්ට රෝගයෙන් ආරක්ෂා වෙන්න සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩි දැනුමක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට තම රටට පැමිණීමට ආණ්ඩුවෙන් සාධාරණ කාලසීමාවක් දුන්නා. මොවුන් ඒක පාවිච්චි කරලා ලංකාවට අවේ නැහැ. ඔවුන්ට ඔය ඉන්න තැන්වලම ඉන්න කියන්න. වෛද්‍ය සිසුන්, දේශපාලකයින් සහ දොස්තරලගේ දරුවෝ කියා මෙතන විශේෂයක් කරන්න බැහැ. නීති රෙගුලාසි දැම්මට පස්සේ එක එක්කෙනාට ඕනේ විදිහට වෙනස් කළොත් වෙන්නේ ඔක්කොම අවුල් වෙන එකයි.
ඉගෙන ගන්න යන්න වෙන රටක් තිබ්බෙම නැද්ද ? ෙනේපාලය කියන්නේ ලංකාවට වඩා බොහෝ පහළ අධ්‍යාපන මට්ටමක් ඇති රටක්. එහෙම රටකටත් ඉගෙන ගන්න ගියානම් මේ උවදුර ඉවරවෙනකල් ලංකාවට එන්නත් එපා.
බුද්ධික මහත්මයා ඇත්ත නේපාලය කියන්නේ අධ්‍යාපනය අතින් අපට වැඩිය පහළ රටක් නමුත් මුදල් ගෙවල ඉගෙන ගන්න පුළුවන් වෛද්‍ය විශ්ව විද්‍යාල ලෝකයේ බොහෝ රටවල වගේ එහෙත් තිබෙනවා කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ මේ සිසුන් මුදල් ගෙවල දුක් විඳලා පිටරට ගිහින් ඉගෙන ගන්නේ මෙම සිසුවාගේ හෝ සිසුවියගේ පියා ඇතුළු අනෙකුත් වෛද්‍ය වරු සාමාජිකත්වය දරන වෛද්‍ය සංගමයේ සහ විශ්ව විද්‍යාල සිසුන් අල්ලේ නටවමින් ඔවුන්ගේ අනාගතය විනාශ කරන රතු මල්ලිලාගේ කුහක කම නිසා බව , ලංකාවේ වෛද්‍ය සභාව රට තුළ පිළිගත් ආචාර්ය වරු උගන්වන සෛටම් එකේ ඉගෙන ගෙන ලබන උපාධිය පිළිගන්නේ නැහැ , නමුත් නේපාලේ නොවේ, ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ වෛද්‍ය උපාධිය ඔවුන් පිලි ගන්නවා .
සියලු ශ්‍රී ලාංකිකයෝ මේ අවස්ථාවේ මොලය මෙන්ම හදවතත් පාවිචිචි කරමු. මේ දරුවන් විදෙස් ගත වුනේ තම අධ්‍යාපනයටය. නිරෝධායන ක්‍රියාවලියට එකග නම් මොවුන් ලංකාවට ගෙන්වාගැනීමේ කිසිදු වරදක් නැත.
කස්තුරි දොස්තර මහත්මය කියන පරිදි සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක් පවා නොමැති රටක ඉගෙන ගෙන එන දොස්තර කෙනෙකුගේ ප්‍රමිතිය , ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල උගන්වන ප්රෝෆෙසර්ලම උගවපු සෛටම් එකේ සිසුවෙකුට වැඩිය හොඳ වෙන්නේ කොහොමද ? මේ කස්තුරි මහත්මය කියන තරම් එහෙ නරක නැහැ , වෛද්‍ය විද්‍යාලයක් තිබෙනවා නම් එකේ ඉගෙන ගත්තු ශිෂ්‍යාවකට කොරෝන හැදුනොත් ඔවුන්ට හොඳ ප‍්‍රතිකාරයක් ලබාදීමට අනිවාර්යයෙන් පුළුවන්, ඇත්ත වශයෙන්ම එහෙ සෞඛ්‍ය සේවය මෙතුමා කියන පරිදිම නරක නම් එහෙ ඉගෙන ගෙන ඇවිත් ලංකාවේ බෙහෙත් දෙන දොස්තරලගෙන් බෙහෙත් ගන්න රෝගීන්ට දෙවියන්ගේම පිහිටයි.
ඔතන කිසිම ඇමැති කෙනෙකුගේ ලොකු සල්ලිකාරයෙකුගේ ළමයි නැහැ නේද? මොකද ඔවුන් නේපාලයට යන්නේ නැහැ ඉගෙන ගන්න. ඒ නිසා ලංකාවට ගෙන්වනවා බොරු...
ගිය සතිය වෙනකන් සියලු ගුවන් ගමන් තිබුන නේද? ඔව්න් හට උනන්දුවක් නැති කම හොදට පේනවා. එම නිසා රජය ජනතා මුදල් නාස්ති කර අදාල පුද්ගලයන් රටට ගෙනා යුතු නොවේ.
මේ දරුවෝ අපේ රටේ ඉගෙනගන්න ගියා නම් ඉතින් ටයර් පෙරලලා දානවා... නැත්නම් ටයර් උඩ පුච්චනවා. ලෝකේ ගොඩක් දක්ෂ විශේෂඥ වෛද්‍යවරු බිහිවුනේ ඔය කියන නේපාලෙන්ම තමයි. ගෝලීය රේටින් වලින් අපේ විශ්වවිද්‍යාලවලට වැඩිය වැඩියි.
නේපාලයේ කොරෝන අසාධිතයින් ඉන්නේ එක්කෙනයි. මටත් හිතාගන්න බැහැ අඩුවීමට හේතුව.
මෙතන තියෙන්නේ මානුෂික ප්‍රශ්නයක්. මේ දෙමව්පියෝන්ගේ හිත්වල කොච්චර ගින්දරක් ඇද්ද.?
ඉතාලි හා දකුණු කොරියා රට රැකියාවලට ගොස් සිටින අය මෙන් නොව, මේ වෛද්‍ය සිසුන් ධනවත් පවුල් වල දරුවන් . අප මොවුන්ව රැක ගත යුතුයි. ජනතාවගේ මුදලින් හෝ මේ දරුවන්ව මේ රටට රැගෙන ආ යුතුයි. මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින සම්පත් තමයි මේ.
මේ ළමයි රටට සම්පත්. තමුන්ගෙ සල්ලි වියදම් කරගෙන ඉගෙන ග්. උසස් පෙළ පාස් කරගත්ත අය වගේ රටට බරක් නෑ. ඒ නිසා වහාම ගුවන්යානයක් යවා ගෙන්නගන්න ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. පරක්කු වෙන්න ඇත්තේ ඉගෙනීම් කටයුතු නිසා. බලන්න කොච්චර උනන්දුද ?
නේපාලයේ දොස්තර අධ්‍යාපනය හිතන තරම් පහත් නැත. නේපාලයේ ඉන්නේ Covid-19 එක් අයෙක් පමණයි.
දොස්තරගාය යනු සෑම ශ්‍රී ලාංකික දෙමාපියකුගේම පොදු ගැටලුවකි.
නැවතත් රාජ්‍් අනුග්‍රහය ඇතිව, ප්‍රමිතියක් ඇතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලංකාවේ පටන්ගන්න. මේවට විරුධ වන්නේ අපේ රට දියුණුවෙනවා දකින්න අකමැති කුහකයන්. විරුද්ධ වන්නන්ට නිසි දඬුවම් දෙන්න.
ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනානම් කස්තුරි දොස්තර මහත්මයගේ ළමය ඇතුළුව ඔය සියලුම ළමයි කරදරයක් නැතුව ඉන්නවා නේද? දැන්වත් මේක තේරුම් ගන්නේ නැත්තේ මොකද?
මෙතන තියන පුදුම වෙන්න තියන කාරණය තමයි ලංකවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති නොවීමට කැපවෙලා වැඩ කරන, එහෙම විද්‍යාලයක් ආරම්භ කළොත් ඒක වසා දමනකන් උද්‌ඝෝෂණ සහ වැඩ වර්ජන කරන දොස්තරවරුන්ගේ සංගමයේ ළමයිව පිටරටවල වල තියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යවල උගන්නනවා කියන ආරංචිය........
තවත් ආතල්නම් දෙන්න එපා. මොකද අපේ ලංකවෙ ෙගොඩාක් පව්.
අපේ රටේ ඉන්න ජනගහනයට සරිලන ප්‍රමාණයට ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය ඉතා අඩුුුුයි. රටේ අලුතෙන් වෛද්‍යවරු වැඩි වැඩියෙන් බිහි වෙලා තමන්ට දෛනිකව ලැබෙන රෝගීන් ප්‍රමාණය අඩුවෙලා තම ආදායම අඩු වේවි කියා සමහර දොස්තරලා අකමැතියිි. පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමුන්ට නවක වධය දෙන්න සහ උද්‌ඝෝෂණ කරමින් ඔවුන් පාරවල් දිගේ දක්කාගෙන යන්න බැරි නිසා අන්තරේ අය මේවට කැමති නැත. රජයට මුදල් නැති නිසා රජයේ විශ්ව විද්‍යාල තුලින් වැඩි වැඩියෙන් වෛද්‍යවරු බිහි කරන්න බැරිය. නමුත් දොස්තරලගේ අඩුව තේරෙන්නේ කොරෝා ප්‍රශ්නය වැනි ජීවිතයත් මරණයත් අතර සටනක් ආරම්භ වුන විටය. ඉදිරියේදී තව මොන ප්‍රශ්න ඇතිවේවිද කියා දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල කාලින අවශ්‍යතාවයකි. කරුණාකර සියලු දෙනාම (මහා සංවිධාන දෙක ) කුහකකම් අතහැර දමා නිසි ප්‍රමිතියකින් යුතු වෛද්‍යවරු බිහිකරන පුද්ගලික වෛද්‍ය විද්‍යාල පද්තියක් ලංකාවේ ඇති කරන්න රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට යුතු කාලය පැමිණ ඇත.
නේපාලය විතරක් නෙවෙයි එහෙනම් රුසියාව, ඉන්දියාව, සයිප්‍රස් තව කොච්චර තියෙනවාද ? ඒ අයත් ඉල්ලීමක් කළොත් ගේනවාද ? අනික දැන්ද මතක් උනේ ?
ආසියානු රටවල ඉඳන් ලංකාවට එන්න ඉල්ලන ශ්‍රී ලාංකිකයන්ට එන්න දෙන්න ඕනේ හෝ ඔවුන්ව ගෙන්න ගන්න ඕනේ චීනේ හිටපු කට්ටිය ගෙන්න ගත්ත වගේ. කලින් ඉතාලි සහ දකුණු කොරියා අයගේ ප්‍රශ්නය වුනේ ඔවුන් ලංකාවට ආපු එක නෙමෙයි. ඔවුන් තමන්ගේ ලෙඩ හංගගෙන හිටපු එක සහ නිරෝධනයට විරුද්ධ වුනු එක. බංගලාදේශේ ඉන්න ලාංකිකයොත් එන්න ඉල්ලීමක් කරලාා තියෙනව. මේ වෙලාවේ මේ ඉල්ලීම් දෙකම දිහා සානුකම්පිතව බලන්න ඕනේ.
ලංකා රජය දැන්වත් ලාංකික ජනතාවගේ ජිවිත අවදානමට ලක්වන මේ සෙල්ලම නතර කළ යුතුය. ශ්‍රි ලංකාවේ ගුවන්තොටුපල වහන බව කලින්ම දැනුම් දුා. දඹදිව වන්දනාවේ ගිය වයසක අය මෙන් නොව සරසවි වල ඉගෙන ගන්න උගත් අයට අවශ්‍යනම් ලංකාවට පැමිණීමට අවශ්‍ය තරම් කාලයක් තිබුනා. තවදුරටත් ජනතා මුදල් වියදම් කරමින්, වැසූ ගුවන් තොටුපල විවුර්ත කරමින් ඔවුන් මෙහි ගෙනායුතු නෑ. මොවුන් පමණක් නොව මේ වනවිට බොහෝ ශ්‍රී ලාංකිකයින් ගණනක් විවිධ රටවල සිටිනවා. මේ නිසා මෙය සීමාවක් නැති ක්‍රියාවක් වෙනවා. යම් අයකුට විශාල ජිවිත අවධානමක් තිබෙන විට පමණක් රටේ තානාපති කාර්යාල වල අනුමැතිය ඇතුව විනා මෙය නොකළ යුතුය.
දෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඉල්ලීම් කරන්නන්ගේ අවස්ථාවාදී ක්‍රියා සහ ප්‍රතිචාර දක්වන්නන්ගේ මනස. ඔවුන් ශ්‍රී ලංකික දරුවන් නිසා ගෙන්වා ගන්න ඕනේ. වෙලාවට ගෙන්න ගත යුතුව තිබුන. අපේ විදෙස් විනිමය පාවිච්චි කරලා රට යවා ඉගෙන ගන්න ගමන් වැඩි වරප්‍රසාදත් ඉල්ලන මේ වගේ අයත් ඉන්නවා කියා රට දැනගන්න එක හොඳයි.
අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය විශාල ලෙස පිරිහී ඇත , රජයේ විශ්ව විද්‍යාල තුල නවක වධය සහ දේශපාලනය තිබෙන තුරු මේවා දියුණු කල නොහැක ,පළමුව සැමට කිසිම බියක් සැකයක් නොමැතිව රජයේ විශ්ව විද්‍යාල තුල නිදහසේ ඉගෙන ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කල යුතුය. විශ්ව විද්‍යාල තුල මේවා කරවන පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ව අර උතුරේ ත්‍රස්ත්වධින් මර්ධනය කල ආකාරයට හොඳින් හෝ නරකින් මර්ධනය කිරීම රටේ අනාගතයට කරන විශාල ආයෝජනයකි. ඉන්පසු කලාපයේ අනිකුත් රටවල මෙන් මුදල්ගෙවා ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඉගෙන ගත හැකි ප්‍රමිතියකින් යුතු පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති කිරීමට ක්‍රියා කිරීම රජයේ වගකීම වේ. උගත් බුධිමත් වෘතිකයන් නැතුව රටක් දියුණු කිරීමට බැහැ.
වෘත්තීය පුහුණුවක් ඉගෙනගෙන ඉතාලි,කොරියා ගොස් රැකියා කරමින් විදේශ විනිමය එවන අයට සල්ලි ගෙවල වත් එන්න විදියක් නැහැ. ගුවන් තොටුපල පැමිණීම් වසා දැමූ නිසා ශ්‍රී ලන්කන් ඇරෙන්න කිසිම යානාවක් ලන්කාවට එන්නෙ නැහැ. අදත් එක්කෙනෙක් මැරිල ඉතාලියෙදි. තව 7ක් ලෙඩේ හැදිා. ඊලග ඡන්දෙදි බලාගමු. එක රටවිරු පවුලකින් වත් ඡන්දෙ දෙන්නෙ නැහැ.
සෙනෙවි මහත්මයා මම රතුමල්ලිලා කියල කිවේ විශ්ව විද්‍යාල තුල නවක වධය ඇතුළු දෙතිස් වදයම අහිංසක නවක සිසුන්ට දීල ඔවුන්ව හරක් වගේ පාරවල් දිගේ දක්කාගෙන යන මුර්ගයන්ට. රජයේ විශ්ව විද්‍යාල වල බොහෝවිට ඉගෙනගන්නේ දුප්පත් සහ මධ්‍යම පාන්තික දෙමවුපියන්ගේ දරුවන් , ධන කුවේරයන්ගේ දරුවන් බොහෝවිට ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ , එංගලන්තේ. ඔය කියන කණ්ඩායම මෙහෙයවන මහා ලොකු නායක ගුණරත්නම් කියන පුද්ගලයා ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ , දරුවෝ ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල , එම කණ්ඩායම විවිධ උද්ගෝෂණ නවක වද ඇතුළු දේවල් අපේ විශ්ව විද්‍යාල තුල සංවිධානය කර අපේ විශ්ව විද්‍යාල අවුල් කිරීමෙන් වාසිය ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තේ විශ්ව විද්‍යාලවලට , ඔහු තමා අපේ විශ්ව විද්‍යාල අඩපන කිරීමේ බහුජාතික කොන්තරාත්තුව බාරගෙන තිබෙන්නේ...
අපේ රටට කොරෝනා ආවෙ වෛද්‍යවරුන්ගෙ හිඟය නිසයි. වෛද්‍ය උපාධිය දෙන්න උසස් පෙල සමත්විය යුතු බව වෛද්‍ය සභාව කියන නිසයි මේ හිඟය ඇතිවෙලා තියෙන්නෙ. මේ නීතිය නැති කර සයිටම් ආයතනයට වෛද්‍යවරුන් බිහිකරන්න දුන්නොත් අපිට ලේසියෙන්ම කොරෝනා මර්ධනය කරන්න අවස්ථාව ලැබෙනවා.