IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝකයට සෙත් පතා වතිකානයේදී විශේෂ දේව මෙහෙයක්

නව කොරෝනා වෛරස වසංගතය හමුවේ ලෝකයට සෙත් පතා රෝමයේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය.
 
පාප් වහන්සේ හුදෙකලාව එම දේව මෙහෙයට සහභාගී වී තිබුණි.කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ සිට දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා විය.
 
ඒ හමුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ විශේෂ දේව මෙහෙයක්  කාගේත් වැඩි අවධානයක් දිනා ගත්තේය.
 
වෙනදා අතුරු සිදුරු නැතුව බැතිමතුන්ගෙන් පිරී යන ශාන්ත පීතර චතුරශ්‍රයේ මෙවර දේහ මෙහෙය  අතරතුර දක්නට ලැබුණේ දැඩි පාලු ස්වභාවයකි.
 
ශාන්ත පීතර දේවස්ථානයේ මෙවැනි සුවිශේෂී දේව මෙහෙයක් පැවැත්වෙන්නේ වසරකට දෙවරක් වන අතර ඒ  නත්තල සහ පාස්කු වෙනුවෙන්.කෙසේ වෙතත් වෛරස වසංගතය හමුවේ පැවැත්වෙන සුවිශේෂ දේව මෙහෙයක්  ලෙස මෙය පැවැත්වුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ගාඩියන් ඇසුරෙනි ....

 
 

125



අදහස් (3)

ලෝකයට සෙත් පතා වතිකානයේදී විශේෂ දේව මෙහෙයක්

Jagath Leanage Saturday, 28 March 2020 02:15 PM

ඉතාලියට දෙවි පිහිටයි. ලොවට විවේකයක්.

:       0       0

JCN Saturday, 28 March 2020 03:05 PM

අපිට නම් ඕව ඕනෙ නෑ.. අපිට රතන සූත්‍රයේ පිහිට තියෙනවනෙ. කොරෝනට අපි බය නෑ.

:       0       1

dilan Sunday, 29 March 2020 05:50 AM

දියුණුයි, දියුණුයි කිව්වට මේ වසංගතයේදී තමය් තේරුනේ දියුණු ලෝකේ මිනිස්සු මොන තරම් ගෝත්‍රිකයිද කියලා? ලෝකේ දවසකට වැඩිම මරණ වාර්තාව වතිකානු ඉතාලිය තියද්දි මේ මෝඩ මිනිස්සු තම සෞඛ්‍යය ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව දේව හාස්කම් පස්සේ ගිහිල්ලා මරණ වැඩිකර ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site