IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එංගලන්තයේ  සේවය කළ  ශ්‍රී ලාංකික සම්භවයක් යුතු බ්‍රිතාන්‍ය  වෛද්‍යවරයකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය අද (08) වාර්තා කළේය .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  දශය 4 තිස්සේ බ්‍රිතාන්‍යයේ  ජීවත් වූ වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ නැමැති 70 හැවිරිදි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකි.

කොරෝනා ⁣වයිරස ආසාදනය වීමෙන් දැඩි ලෙස අසනීප වූ හෙතෙම ඉකුත් මාර්තු 31 ලන්ඩන් යි කින්ග්ස්ටන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද බී.බී.සී පුවත් සේවා වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ. 

එම වෛද්‍යවරයා දින  හතරක් එම  රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සෙනසුරාදා ජීවිතක්ෂයට පත්  ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ 

1967 වසරේදී පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයෙන්ලං කාවේ සහතික ලත් වෛද්‍ය උපාධිය හිමිකරගත් ඔහු ඉන්පසුව බ්‍රිතාන්‍යයේ  සුපිරි පෙලේ රෝහල් කිහිපයකම විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවද පැවසේ 

මේ අතර මියගිය වෛද්‍යවරයා වයිරසය ආසාදනය වීමට පෙර අවසන් වරට  මාර්තු 20 වැනිදා එරට  සවුත් වෙස්ට් ලන්ඩන් රෝහලේ සේවය කල බවද බී.බී.සී පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

(125)



අදහස් (1)

ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

rasika Wednesday, 08 April 2020 10:14 PM

ලන්ඩන්වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site