IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක්

රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක් වාර්තා වී ඇත.

ඒ අනුව එරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 52 764ක් දක්වා ඉහල ගොස් තිබේ.

රෝගීන් 51 දෙනකු පසුගිය පැය 24 තුළ මියගොස් ඇති අතර රුසියාවේ මෙතෙක් සිදුවූ මරණ සංඛ්‍යාව 456කි.

වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවධියේදී වෙනත් බොහෝ බටහිර යුරෝපීය රටවලට වඩා අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වුවද අප්‍රේල් මස මුල සිට රෝගීන්ගේ සංඛ්‍යාව තියුණු ලෙස ඉහල යෑමට පටන් ගෙන තිබේ.

රුසියානු සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට රටපුරා කොරෝනා වයිරස පරීක්ෂන මිලියන දෙකකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.

එසේම රුසියාවේ හමුවූ රෝගීන්ගෙන් අඩකට වඩා රෝග ලක්ෂණ නොපෙන්වූ බවද ඔවුහු පවසති.

රුසියාවේ වයඹ දිග ආකැන්ගල්ස්ක් කලාපයේ මනෝ චිකිත්සක රෝහලක රෝගීන් සහ කාර්යමණ්ඩලය බොහෝ පිරිසක් වයිරස ආසාදනයට ලක්ව ඇතැයි රුසියානු කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසයි.

මධ්‍යම රුසියානු රෝහලක ද වෛද්‍යවරුන් 78දෙනකු සහ රෝගීන් පිරිසක් වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් වේ. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site