රුසියාව අද(09) කොරෝනා ආසාදිත රෝගීන් 10 000 සීමාව පසු කළේය.
ඒ රෝගීන් 10 131ක් වාර්තා කරමිනි.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1 459ක් වූ අතර එය මෙතෙක් එක් දිනක් තුළ තහවුරු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
රුසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 76ක් මියගොස් තිබේ.
එළඹෙන සති කහිපය කොරෝනා වයිරස සටනේ තීරණාත්මක කාළය වනු ඇතැයි රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් පවසා ඇත.
රුසියාවේ වඩාත්ම බලපෑමට ලක්වූ කළාපය වන්නේ මොස්කව් අගනුවරයි. එය ඇතුළු කවත් බොහෝ කළාප අර්ධ වශයෙන් අගුලු දමා ඇත.
මහජනතාවට අහාර මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර නිවසින් බැහැර වීම තහනම් කර තිබේ.
වයිරස ව්‍යාප්තියේ මුල් අවධියේදී බොහෝ බටහිර රටවලට වඩා රුසියාවේ අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් මේ මාසයේ රෝගීන් සංඛ්‍යාව තියුණු ලෙස ඉහල යෑමට පටන් ගත්තේය.
රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ වයිරසය මේ වනවිට මොස්කව් නගරයෙන් ඔබ්බට ද ව්‍යාප්ත වී ඇති බවයි.
කෙසේ වුවද පසුගිය මාසයේ අග වනතෙක් රුසියානු බලධාරීන් පවසා සිටියේ තත්ත්වය පාලනය කර ඇති බවයි. රුසියාවේ වසංගත තත්ත්වයක් නොමැති බවද ඔවුහු පැවසූහ.
මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මොස්කව් නගරාධිපති සර්ජි සුබයිනින් සංඛ්‍යාලේඛණ වලනිරවද්යතාව සම්බන්දව සැක පහල කළේය.
ඔහු පැවසුවේ නිල සංඛ්‍යාලේඛණ වලට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය බෙහෙවින් වැඩි විය යුතු බවයි.
මෙම ප්‍රකාශයෙන් පසු රුසියානු බලධාරීන්ගේ ඇස් ඇරුණු බව මාධ්‍ය සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ දිනයේ පමණක් එක්සත් රාජධානියේ , මරණ 936 කටත් වැඩියි. ආසාදිතයින් සහ මැරෙන අය දිනෙන් දින ඉහළ යනවා. සෞක්‍ය සේවාවන් වලට දරා ගන්නට බැරි පීඩනයට පත් වෙලා තියෙන්නේ . එයාලව දිරිමත් කිරීමට සහ ස්තුතිය පල කිරීමට ,ගෙවල් වලට වෙලා අත්පුඩි ගහන්න කියනවා.. ව්‍යාපාර බිඳ වැටිලා . රැකියාවලට යන්න විදිහක් නැහැ. කවදා මේ ව්‍යවසනය නිමක් දකීදෝ. රුසියාව ඇතුළු සියලුම රටවල් මේ ඛේදවාචකයෙන් හැකිතාක් ඉක්මනටම මිදෙත්වා !
රුසියාව හා ඇමරිකාව අතර සීතල යුද්ධයක් තිබේ යයි අප අසා තිබුනත් රුසියානුවන් අද ඇමරිකාව මුහුණපා සිටින මේ දරුණු වසංගත තත්වයේදී කිසිදිනෙක ඇමරිකාවට පරිභව කළේ නැත. එහෙත් මේ දියුණු ජාතීන් අසලට හෝ පය තැබිය නොහැකි ලෝකයේ සිටින මිලේච්ජ අමන ලෝකෙන් හිඟමන් යදිමින් ජාමේ බේරාගන්නා ජාතිය ලෝකෙටම සරදම් කරමින් සිටින මොහොතක මම නම් මානව හිතවාදියෙක් ලෙස රුසියාව ඇතුළු යහපත් ජාතීන් වෙසෙන සියලු රටවලට ශුභ පතනවා. චීන කොළණිවල අයිතිය දැනටමත් ලබා ඇති චීනුන් ඔවුන්ගේ යටත් විජිත වලට තවම කොරෝනා සංග්‍රහය කිරීමට පළමු පියවර පමණක් ගෙන ඇති බව තේරුම් ගෙන සෙසු රටවල කොරෝනා රෝගීන්ගේ දර්ශක වල සිරි නරඹමින් ස්වයං වින්දනයේ යෙදෙන මනස නොමෙරූ ජාතියට ඉදිරියේදී ඔවුනට සිදුවෙන ව්‍යසනය තේරුම් ගැනීමට ප්‍රඥාව ලැබේවා යයි පතමි !