ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන රටවල සුරක්ෂිතව සිටින ලෙසට මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයිගෙන් රජය ඉල්ලා සිටියි.
විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන්, සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට යහපත් තත්ත්වයට පත් වීමෙන් පසු සලකා බලන බවද රජය අවධාරණය කරයි.
කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වළක්වා ගැනීම සදහා රජය පියවර රැසක් ගෙන ඇති අතර රට තුළට වයිරසය පැමිණීම හා පැතිරයාම වැලැක්වීමේ පියවරක් වශයෙන් විදේශවලින් පැමිණීම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බවද රජය දක්වා සිටියි.
සෙසු රටවල් ද මෙම පියවර අනුගමනය කරමින් රට තුළ ගමනාගමනය කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.
ඔවුන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළ වෙතට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මෙම රෝගය වැළදීමේ අවදානමක් පවතින බවද රජය දන්වා සිටියි.
තමන් පිළිබද තොරතුරු අදාල රටේ ශි‍්‍ර ලංකා තානාපති කාර්යාල හෝ කොන්සියුලර් ජනරාල් කාර්යාලය සමග හෝ හුවමාරු කරගනිමින් සුරක්ෂිතව සිටින ලෙසට මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිට සියලූ විදේශ ගත ශි‍්‍ර ලාංකිකයන්ගෙන් විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටියි.
COMMENTS
එතකොට අර නේපාලේ ඉන්න දොස්තර පැටව් ටික?
වෙන රටවල් කිසි එකක් තම පුරවැසියන්ට එන්න එපා කියන්නෙ නැහැ කොරෝනා තිබුනත් නැතත්. සමහර රටවල් රජයෙන් ගුවන් යානා යවල පුරවැසියො ගෙන්න ගන්නව.. වී අයි පී ලගෙ ලමයි ටික හොරපාරෙන් ලන්ඩන් ඉඳන් ගේන්න පුලුවන්.. ..වෘත්තීය පුහුණුවක් ඉගෙනගෙන ඉතාලි,කොරියා ගොස් රැකියා කරමින් විදේශ විනිමය එවන අයට සල්ලි ගෙවල වත් එන්න විදියක් නැහැ. ගුවන් තොටුපල පැමිණීම් වසා දැමූ නිසා ශ්‍රී ලන්කන් ඇරෙන්න කිසිම යානාවක් ලන්කාවට එන්නෙ නැහැ. අදත් එක්කෙනෙක් මැරිල ස්විස් වලදි. තව 7ක් ඉතාලියෙ ලෙඩේ හැදිලා. ඊලග ඡන්දෙදි බලාගමු. එක රටවිරු පවුලකින් වත් ඡන්දෙ දෙන්නෙ නැහැ.
දැන් ඔය කට්ටියම යන්න ඇත්තේ මේ දුප්පත් රට ගැන දුක හිතිලා එහෙ රස්සා කරලා මේ රටට විදේශ විනිමය එවන්න ම වෙන්න ඇති -පව් අහිංසකයෝ.... දැන් මෙහෙ එන්න හදන්නෙත් කොරෝන වලින් බේරෙන්න නෙමි මගේ හිතේ මේ රට පත්වෙලා තියන තත්වය ගැන දුක හිතිලා කෙනෙක් ඉගෙනීමකට හරි, රස්සාවකට හරි රටකට යනඑක වෙනම දෙයක්.... එක කාගේත් පුද්ගලික අයිතිය.... නමුත් ගිලෙන නැව්වලින් පනින්න හදන මීයන්ට මම හිතන්නේ රජය ඉඩදෙන එකක් නැහැ -
දැන් ලංකාවේ අලුත්ම කලාව වෙලා තියෙන්නේ විදේශගතව රැකියාවල් කරන මිනිස්සුන්ව ඉලක්ක කරලා ඔවුන්ගෙන් මේ රටට වැඩක් නැහැ කියල කරන ප්‍රචාරයයි. නමුත් ලංකාවේ ආණ්ඩුවේ සේවකයෝ හරි , පුද්ගලික අංශයේ සේවකයෝ හරි දැනගත යුතු ලොකුම දෙය තමයි ලෝකයේ විවිධ රටවල ඉඳන් රැකියා කරන සියලුම රටවිරුවෝ ලංකාවට එවන මුදල් නිසා ඩොලරයේ මිල තීරණය වෙන්නේ. ලංකාවේ අපනයන වලින් එහෙම ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. මේ මිනිස්සු සියලුම දෙනා ලංකාවේ ආණ්ඩුවට බරක් නොවී විදේශවල රැකියා කරලා පඩිය බැංකු හරහා ඩොලර් වලින් ලංකාවට එවනවා . එතකොට බැංකුවෙන් ඩොලර් තියාගෙන එදිනට ඩොලර් මාරු කරන මිලට රුපියල් වලින් ඔවුන්ගේ ගෙවල් වල අයට ගන්න පුළුවන්. මේක සංකීර්ණ දෙයක්. කිසිදෙයක් දන්නේ නැති ලංකාව ඇතුලේ මොකක් හරි ජොබ් එකක් කරලා කියක් හරි හොයාගන්න අයට බඩු මිල වැඩිවෙනවා කියල උද්ගෝෂණ නොකර ඉන්න මේ විදේශ ගත ලංකාවට සල්ලි එවන මිනිස්සු තමයි පිළිතුර.
මැදපෙරදිග සේවය කරන අපි අසරණයි. අපිට අසනීප උනොත් රෝහලකට ඇතුල්වෙලා බෙහෙතක් ගන්නවත් පුළුවන් වෙයිද කියලත් සැකයි
මැද පෙරදිග සේවය කරන අපි අසරණයි. අපිට අසනීප උනොත් රෝහලකට ඇතුල්වෙලා බෙහෙතක් ගන්න වත් පුළුවන් වෙයිද කියලත් සැකයි
මම එන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය දෙස බලන විට මෙය ඉතා සත්‍යයකි. මේ වන විට සෞඛ්‍ය සේවා සහ හමුදා සේවා සහ පරිපාලකයින් ශ්‍රී ලංකාවෙන් සටන් කිරීමට දැවැන්ත වැඩක් කරමින් සිටී. පසුගිය දින කිහිපය තුළ ඉතාලියේ සහ තවත් රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ හැසිරුණු ආකාරය ඉතා කණගාටුදායකය. ශ්‍රී ලංකාව නොමිලේ සෞඛ්‍ය සේවා සපයන අතර ලෝකයේ වෙනත් රටකට එය කළ නොහැකිය. සියලුම සිවිල් වැසියන් සඳහා හොඳම සෞඛ්‍ය සේවාවක් ලබා දීම නිසාම අපගේ මව්බිමට අපි ණයගැතියි. කෙසේ වෙතත්, සිතා බැලිය යුතු දෙයක් තිබේ. ඕස්ට්‍රේලියාව සමහර රටවල් දේශසීමා වසා දැමීමට යන බව ප්‍රකාශ කර ඇති අතර සියලුම ඕස්ට්‍රේලියානුවන්ට මව්බිමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. නමුත් අපගේ නඩුවේදී තීරණයක් ගත් වහාම පැය කිහිපයකින් දේශසීමා වසා දමන ලදී. ලොව පුරා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ පිළිබඳව රජයට තීරණයක් ගත හැකිව තිබුණි. මව්බිම හැර වෙනත් හොඳ තැනක් නැත.