විනීතා එම් ගමගේ
රාජ්‍ය ඔසුසල අද විවෘතව තබන බව ඊයේ නිවේදනය කල නමුත් අද කොළඹ ඔසුසල් වසා තිබීම නිසා ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවකට පත්වී තිබිණි.
ටවුන් හෝල් ප්‍රධාන ශාඛාව, නුගේගොඩ මහරගම ඇතුළු ශාඛා සියල්ලම පාහේ වසා තිබු අතර එහි දොරවල්වල දැන්වීම අලවමින් දන්වා තිබුණේ එහි සඳහන් දුරකතන අංකයට වට්ස්ඇප් මගින් බෙහෙත් වට්ටෝරු එවන ලෙස දන්වා තිබිණි.
එසේ වන වට්ටෝරුවල ඖෂධ නිවෙස්වලට යවන බවද සඳහන් විය.
මේ තත්ත්වය යටතේ ඔසුසලට පැමිනි විශාල පිරිසකට ආපසු හැරීයාමට සිදුවූ අතර ජාතික රෝහලෙන් ඉල්ලා තිබු ඖෂධ ලබාගැනීමට පැමිණි පිරිස් ද ඒ අතර වූහ.
රජයේ ඔසුසල් විවෘතව තබන බව නිවේදනය කල නිසා පැමිණි බවත් නිසි සන්නිවේදනයක් නොමැති වීම මේ තත්ත්වය ඇතිවී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
COMMENTS
මේක ඉතාම හොඳින් කන බොන ඒවාට වැඩිය කළමනාකරණය කලයුතු දෙයක් මොකද නොකා නොබී හිටියට එක පාරට මිනිස්සු මැරෙන්නේ නැහැ.
ඕක තමා රාජ්‍ය සේවයේ ස්වභාවය. අධිකාරිවාදය. ඉදිමීම. රෝහල් කාර්ය මණ්ඩලය මොන දේ කරත් බනින අපේ ඇත්තෝ පාමසි වලින් වන මෙහෙය අවතක්සේරු කරනවා. රටේ සමස්ත ඔසුහල් වලින් රාජ්‍ය ඔසුසල් තිබෙන්නේ කීයද? ඔක්කොම වහන්න නියෝග කලාට මදි. ගණන් කර බලන්න රටේ රාජ්‍ය ඔසුසල් කීයක් තියෙනවද. තිබෙන්නේ කොහිද කියල... අනික අපේ අවස්ථාවාදී බුරු මිනිස්සුත් දැනගන්න ඕනේ බෙහෙත් සීට්ටුව අයාලේ යන්න ලයිසමක් නොවෙයි කියලා....
ඔසුසල්වල සාමාන්‍ය දවස්වලත් ගොඩක් බෙහෙත් ජාති නෑ. මේ දවස්වල... අනේ මංදා
බෙහෙත් ඇනවුම් කර ගෙන්වා ගැනීමට තැනක් නැත දී ඇති ෆෝන් නම්බර් වලට කතා කලාට ඒවා ඕෆ් කර ඇත ඒ නිසා බේත් ගෙන්වා ගැනීමට ක්‍රමයක් දන්වන්න