හිරාන් ප්‍රියංකර ජයසිංහ
රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.
උගුර කන නාසය වැනි ඉන්ද්‍රියන්ට කුඩා ප්‍රමාණයේ කැමරාවක් යවා පරිගණකයක් ආධාරයෙන් ලබාගන්නා දත්ත මගින් රෝග විනිශ්චය සිදු කරයි.
කාමරයකින් වෙන්වී රෝගියාව දුරස්ථව තබා පරීක්ෂා කිරීමට හැකිවීම, වෛද්‍යවරයා කිසිදු ආරක්ෂිත උපාංගයක් නොපැළඳ මෙම පරීක්ෂණය සිදු කිරීමටහැකිවීම ද විශේෂත්වයකි.
උගුරෙන් නිකුත්වන කෙල බිදිති, නාසයෙන් නිකුත් වන ශ්‍රාවයන් කිසිවිටෙකත් පරීක්ෂණ සිදුකරන වෛද්‍යවරයා වෙත නොපැමිණේ .
මේ සම්බන්ධව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා මෙසේ කීය.
“ලංකාවේ තිබෙන වසංගත තත්වය අනුව වෛද්‍යවරුන්ටරෝගය ආසාදනය වීම වීමේ ඇති හැකියාව උපරිම ලෙස තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපි නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේ රෝගීන්ගේ උගුර, කණ, නාසය.පවතින තත්වය හවුවේ අවධානම් බව නිසා මෙවැනි උපකරණයක් නිර්මාණය කිරීමට මම අදහස් කළා.උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂණ කිරීමේදී වර්තමානයේ ඉතා අවදානම් තත්ත්වයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට අවවාද කර තියෙන්නෙ හැකිත තරම් ලෙඩුන් බැලීම අවම කරන්න කියලා අත්‍යවශ්‍ය ලෙඩුන් පමණක් පරීක්ෂා කිරීමට කටයුතු කරන්න කියලයි උපදෙස් දී තිබෙන්නේ.
ඒ වගේම සමාන්‍ය ශල්‍යකර්ම කරන්න එපා කියලා තියෙනවා. ජීවිත අවධානම් පමණක් ලෙඩුන් ගැන අවධානය යොමු කර කටයුතු කරන්න කියා තිබෙන මෙවන් අවස්ථාවක සියලුම ලෙඩුන් පරීක්ෂා කිරීමට හැකි ක්‍රමයක් සම්බන්ධව මා සිතා බලා මෙවැනි උපකරණයක් නිර්මාණය කළා මට මගේ කාර්යය මණ්ඩලයෙන් ලැබුණේ විශාල සහයක්. මීට වඩා සංකීර්ණ උපකරණයක් නිර්මාණය කිරීමට මගේ අදහසක් තියෙනවා . එහෙත් ඊට අවශ්‍ය උපකරණ පිට රටින් ගෙන්වා ගැනීමට ගැටලුවක් වර්තමානයේ පවතිනවා එවැනි උපකරණයක් නිර්මාණය කළොත් නිවසේ සිටම රෝගීන් පරීක්ෂා කිරීමට හැකි වෙනවා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල් තවමත් මෙවැනි උපකරණයක් නිර්මාණය කර නොමැති බවට මගේ විශ්වාසයයි.
හලාවත මහ රෝහලේ රෝහල් අධක්ෂක කපිල මල්ලව ආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ඇත්තටම රට ස්වයංපෝෂිත කරන්න ඕනිනම් කන බොන ඒවා විතරක් නෙවෙයි, මේවත් දේශීයව නිෂ්පාදනය කරන්න ඔනෑ. අපිට තාක්ෂණේ තියනවා... නිෂ්පාදනයට තම ආයෝජකයෝ ගෙන්න ගන්න ඔන. එහෙම නැතුව මේ පාරත් මේක අමතක කරලා දැම්මොත් තව අවුරුදු 2ක 3කින් අපිට මේවගේ උපකරණ ලක්ෂ ගානක් පිටරටට ගෙවල ගෙන්න ගන්න වෙයි....
මෙම අවදානම් අවස්ථාවේ ඔබලාගේ දායකත්වය අප හදවතින්ම අගය කරන්නෙමු. මෙයට සහබාගිවු සැමට යහපතක්ම වේවා...!!!
වෛද්‍යවරයාගේ වගේම රෝගියාගේ ආරක්ෂාවත් වැදගත්. ආසාධිත රෝගියෙක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය රෝගියෙක් පරික්ෂා කිරීමේදී එම සාමාන්‍ය රෝගියාට කලින් පරික්ෂා කළ ආසාධිතයාගෙන් මෙම උපකරණයෙන් රෝගය බෝ නොවෙන බවට සහතික කළ හැකිද?
ඉතා වටිනා දැනුම බෙදාගැනීමක් හා ලෙඩුන් වෙනුවෙන් කල ඉහල කැපකිරීමක්..
අපේ රටේ දක්ෂ වැඩකාරයෝ ඉන්නවා. දුශිත දේශපාලුවෝ ඉන්නකම් දක්ෂයාට, සුදුසුකම් තියෙන අයට තැනක් නැතුවා. මහජන මුදල් කාබාසීනියා කරලා රොකට් යවාපු උනුත් ඉන්න රටේ තව මොන කතාද.
කරුණාකරලා මේ අලුතෙන් හතු පිපෙනවා වගේ කරන සොයාගැනීම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිළිගත හැකි මධ්‍යස්ථානයකින් අනුමැතිය අරන් මිසක් සාමාන්‍ය රෝගීන් මේවාට නිරාවරණය කරන්න එපා. මේවායේ අතුරු ප්‍රතිපල බොහොම භයානක විය හැකියි.
ඔය නිපැයුම ලංකාවේ වෛද්‍යවරුන්ටම හොදයි. ඇමෙරිකාවේ උගුර බලන්නෙත් කනතුල බලන ඔටෝස්කොපයකින්මයි. සාමාන්‍යයෙන් උගුර තුල බලන්න රෝගියාට ළඟටම වෙන්නේ අවශ්‍ය නැහැ. ඉහත සඳහන් උපකරණයෙන් උගුර තුල පැහැදිලිවම පෙනෙනවා. ලංකාවේ උපකරණය වගේ කැමරාවක් දිග කේබල් එකකට සවිකළ උපකරණයකින් ගුද මාර්ගය පිළිකාවලට පරික්ෂා කරනවා. එපමනක් නොවේ නගර සබවේ කැලිකසල අංශයේ සේවකයෝ අපවිත්‍ර ජලය ගලායන බටවල තත්වය පරික්ෂා කිරීමට මීටර් 25 ක් පමණ දිග කැමරාවක් සවිකළ උපකරණයක් පාවිච්චි කරනවා.
පිරිසිදුව තබා ගැනීමත් ඉතා වැදගත්...