හිරාන් ප්‍රියංකර ජයසිංහ
රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.
උගුර කන නාසය වැනි ඉන්ද්‍රියන්ට කුඩා ප්‍රමාණයේ කැමරාවක් යවා පරිගණකයක් ආධාරයෙන් ලබාගන්නා දත්ත මගින් රෝග විනිශ්චය සිදු කරයි.
කාමරයකින් වෙන්වී රෝගියාව දුරස්ථව තබා පරීක්ෂා කිරීමට හැකිවීම, වෛද්‍යවරයා කිසිදු ආරක්ෂිත උපාංගයක් නොපැළඳ මෙම පරීක්ෂණය සිදු කිරීමටහැකිවීම ද විශේෂත්වයකි.
උගුරෙන් නිකුත්වන කෙල බිදිති, නාසයෙන් නිකුත් වන ශ්‍රාවයන් කිසිවිටෙකත් පරීක්ෂණ සිදුකරන වෛද්‍යවරයා වෙත නොපැමිණේ .
මේ සම්බන්ධව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා මෙසේ කීය.
“ලංකාවේ තිබෙන වසංගත තත්වය අනුව වෛද්‍යවරුන්ටරෝගය ආසාදනය වීම වීමේ ඇති හැකියාව උපරිම ලෙස තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපි නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේ රෝගීන්ගේ උගුර, කණ, නාසය.පවතින තත්වය හවුවේ අවධානම් බව නිසා මෙවැනි උපකරණයක් නිර්මාණය කිරීමට මම අදහස් කළා.උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂණ කිරීමේදී වර්තමානයේ ඉතා අවදානම් තත්ත්වයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට අවවාද කර තියෙන්නෙ හැකිත තරම් ලෙඩුන් බැලීම අවම කරන්න කියලා අත්‍යවශ්‍ය ලෙඩුන් පමණක් පරීක්ෂා කිරීමට කටයුතු කරන්න කියලයි උපදෙස් දී තිබෙන්නේ.
ඒ වගේම සමාන්‍ය ශල්‍යකර්ම කරන්න එපා කියලා තියෙනවා. ජීවිත අවධානම් පමණක් ලෙඩුන් ගැන අවධානය යොමු කර කටයුතු කරන්න කියා තිබෙන මෙවන් අවස්ථාවක සියලුම ලෙඩුන් පරීක්ෂා කිරීමට හැකි ක්‍රමයක් සම්බන්ධව මා සිතා බලා මෙවැනි උපකරණයක් නිර්මාණය කළා මට මගේ කාර්යය මණ්ඩලයෙන් ලැබුණේ විශාල සහයක්. මීට වඩා සංකීර්ණ උපකරණයක් නිර්මාණය කිරීමට මගේ අදහසක් තියෙනවා . එහෙත් ඊට අවශ්‍ය උපකරණ පිට රටින් ගෙන්වා ගැනීමට ගැටලුවක් වර්තමානයේ පවතිනවා එවැනි උපකරණයක් නිර්මාණය කළොත් නිවසේ සිටම රෝගීන් පරීක්ෂා කිරීමට හැකි වෙනවා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල් තවමත් මෙවැනි උපකරණයක් නිර්මාණය කර නොමැති බවට මගේ විශ්වාසයයි.
හලාවත මහ රෝහලේ රෝහල් අධක්ෂක කපිල මල්ලව ආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝගියාට සමීප නොවී උගුර-කන-නාසය පරීක්ෂා කරන්න උපකරණයක් හලාවතින්
sachith Thursday, 16 April 2020 04:28 PM
රජයට ඇත්තටම රට ස්වයංපෝෂිත කරන්න ඕනිනම් කන බොන ඒවා විතරක් නෙවෙයි, මේවත් දේශීයව නිෂ්පාදනය කරන්න ඔනෑ. අපිට තාක්ෂණේ තියනවා... නිෂ්පාදනයට තම ආයෝජකයෝ ගෙන්න ගන්න ඔන. එහෙම නැතුව මේ පාරත් මේක අමතක කරලා දැම්මොත් තව අවුරුදු 2ක 3කින් අපිට මේවගේ උපකරණ ලක්ෂ ගානක් පිටරටට ගෙවල ගෙන්න ගන්න වෙයි....
RaveendraThursday, 16 April 2020 05:28 PM
සහතික ඇත්ත. අප මෙම ව්‍යවසනය මගින් නිර්මාන ලොව ජයගන්න පුලුවන්නම් එයම ඇති රටට ගොඩ ඒමට....
KumarFriday, 17 April 2020 04:38 PM
මේ රටවල් වල තිබෙන තාක්ෂනය දෙස බැලුවාම ඔයවගේ නිපැයුම් බර කරත්තයට අත් ට්‍රැක්ටරයක් සවිකලා වගේ වෙනවා. ඉතින් ඒවගේ දෙයක් විකුනන්නෙ මොන රටටද? බරකරත්ත පාවිච්චි කරන රටවල්වල සල්ලි නැහැ.
Raveendra Thursday, 16 April 2020 05:11 PM
මෙම අවදානම් අවස්ථාවේ ඔබලාගේ දායකත්වය අප හදවතින්ම අගය කරන්නෙමු. මෙයට සහබාගිවු සැමට යහපතක්ම වේවා...!!!
Nissanka Thursday, 16 April 2020 05:32 PM
වෛද්‍යවරයාගේ වගේම රෝගියාගේ ආරක්ෂාවත් වැදගත්. ආසාධිත රෝගියෙක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය රෝගියෙක් පරික්ෂා කිරීමේදී එම සාමාන්‍ය රෝගියාට කලින් පරික්ෂා කළ ආසාධිතයාගෙන් මෙම උපකරණයෙන් රෝගය බෝ නොවෙන බවට සහතික කළ හැකිද?
ක්‍රිෂාන්ත Thursday, 16 April 2020 06:40 PM
මේකේ ලියලා නැති වුනාට, රෝගියාගේ ආරක්ෂාව තමයි පළමු තැන. මේක නෙමෙයිනේ, රෝගීන්ට උපකරණයක් භාවිත කරන්න වුන පළමු අවස්ථාව. මෙහි විශේෂය දුරින් සිට පරීකෂා කිරීමයි. කොහොමත් උපකරණ, රෝගියාගෙන් රෝගියාට පිරිසිදු කිරීම හෝ , අලුත් උපකරණ භාවිතයක් කරනවා.
ඩොකා Thursday, 16 April 2020 06:56 PM
එකට මම මොනවා කරන්නද අප්පා...වැළඳුනොත් එක කරුමේ තමයි..අප්පා.
rajesh Thursday, 16 April 2020 06:47 PM
ඉතා වටිනා දැනුම බෙදාගැනීමක් හා ලෙඩුන් වෙනුවෙන් කල ඉහල කැපකිරීමක්..
විපරමා Thursday, 16 April 2020 08:59 PM
අපේ රටේ දක්ෂ වැඩකාරයෝ ඉන්නවා. දුශිත දේශපාලුවෝ ඉන්නකම් දක්ෂයාට, සුදුසුකම් තියෙන අයට තැනක් නැතුවා. මහජන මුදල් කාබාසීනියා කරලා රොකට් යවාපු උනුත් ඉන්න රටේ තව මොන කතාද.
පිටිගල මිලානෝ Thursday, 16 April 2020 10:21 PM
කරුණාකරලා මේ අලුතෙන් හතු පිපෙනවා වගේ කරන සොයාගැනීම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිළිගත හැකි මධ්‍යස්ථානයකින් අනුමැතිය අරන් මිසක් සාමාන්‍ය රෝගීන් මේවාට නිරාවරණය කරන්න එපා. මේවායේ අතුරු ප්‍රතිපල බොහොම භයානක විය හැකියි.
Kumar Friday, 17 April 2020 02:47 AM
ඔය නිපැයුම ලංකාවේ වෛද්‍යවරුන්ටම හොදයි. ඇමෙරිකාවේ උගුර බලන්නෙත් කනතුල බලන ඔටෝස්කොපයකින්මයි. සාමාන්‍යයෙන් උගුර තුල බලන්න රෝගියාට ළඟටම වෙන්නේ අවශ්‍ය නැහැ. ඉහත සඳහන් උපකරණයෙන් උගුර තුල පැහැදිලිවම පෙනෙනවා. ලංකාවේ උපකරණය වගේ කැමරාවක් දිග කේබල් එකකට සවිකළ උපකරණයකින් ගුද මාර්ගය පිළිකාවලට පරික්ෂා කරනවා. එපමනක් නොවේ නගර සබවේ කැලිකසල අංශයේ සේවකයෝ අපවිත්‍ර ජලය ගලායන බටවල තත්වය පරික්ෂා කිරීමට මීටර් 25 ක් පමණ දිග කැමරාවක් සවිකළ උපකරණයක් පාවිච්චි කරනවා.
rasika Friday, 17 April 2020 08:25 AM
පිරිසිදුව තබා ගැනීමත් ඉතා වැදගත්...
KumarFriday, 17 April 2020 04:29 PM
රසික, ඔබ සිතන විදියට සෑම දෙයම පිරිසිදුව තබාගන්න ඕනෑ නම් ඔය වෛද්‍යවරුන්ගේ බෙල්ලේ එල්ලගෙන ඉන්න ටයි පොල්ල ගලවලා දමන්න ඕනෙ. ඔය ටයි එකේ තරම් විෂබීජ වෙන කොහෙවත් නැතිලු.