( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (14) තීන්දු කර ඇත.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම පංච පුද්ලගල විනිසුරු මඩුල්ලේ සෙස සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් කටයුතු කරනු ලබති.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 18 වැනිදා සහ 19 වැනිදා මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව නීතීඥ චරිත ගුණරත්න මහතා , විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක , නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගමයන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඇතුළු එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටිනුයේ කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20‘වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත.
ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඞ්
වසංගත ය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සදහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
පාර්ලිමේන්තු ව විසුරුවා හැරීම කල දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සදහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහමැතිවරණයේ ගැසට්ටුවට එරෙහිව ගොනු කළ පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
mihira Thursday, 14 May 2020 12:14 PM
නිකන් බොරු වැඩ... ආණ්ඩුවෙන් දැනටම කෝල් කරලා ඇති .... නඩුකාරයින්ට