IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මහනුවර වැව රවුම පාළුවට ගිහින්

(පී.එම්. රාජපක්ෂ)

මහනුවර දිස්ත්‍රික්කයට සහ නගරයට දින ගණනාවක් තිස්සේ ඇඳිරි නීතීය පැනවීම හේතුවෙන්  දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වන ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය හා වැව රවුම පාළුවට ගොස් ඇති අයුරු අද (02) දින දක්නට ලැබිණි.
 
මහනුවර වැව රවූම වෙනත් දිනයකදී නම් දෙස් විදෙස් සංචාරකයින් හා වෙළෙන්දන්ගේ පිරි තිබෙන ස්ථානයන් වන අතර දෙනෝදාහක් ගමන් ගන්නා මාර්ගයකි.

නමුත් අද ඒහි උරුමකරුවන් වි ඇත්තේ වෙනදා ඈතින් දකින සත්ත්ව කොට්ඨාශයන් වන කපුටන්, තාරාවන්, වැනි නිදැල්ලේ සැරි සරන සතුන් වේ.

කෙසේ වෙතත් විටින් විට ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අංශවල නිලධාරින් හා දළඳා මාලිගාවේ රාජකාරි නිරතවන පුද්ගලයින් පමණක් මෙම පරිශ්‍රයේ දිනවල දක්නට ලැබේ.


 

 

 

 



අදහස් (11)

මහනුවර වැව රවුම පාළුවට ගිහින්

sanjeeva Thursday, 02 April 2020 04:50 PM

ඇඳිරි නීතිය වෙලාවේ කවුද එලියට බැහැල ඇවිදින්නේ ? විශේෂයෙන්ම වැව වටේ යන්න...

:       1       71

විජිත් Thursday, 02 April 2020 05:43 PM

"..කාටත් වඩා.. කවුරුවත් වැව රවුමේ නැති පාළුව දැනෙන්නේ මේ ගල් බන්කුවලටයි...වෙනදට මේ ගල් බංකු ..පෙම්වතුන්ගෙන් පිරිලා.. ඔවුන් එකිනෙකට දොඩන පෙම්වදන් ..මේ බංකු නිශ්ශබ්දව අසාගෙන ඉන්නවා. සමහර දේවල් ඉතාමත්ම මිහිරියි. සුන්දරයි.. බඩ පැලෙනකම් හිනා යනවා.. එත් සමහරු කියපු දේවල් හරිම වේදනාබරයි...දුක හිතෙනවා. ඒත් මේ ගල් බංකු වල හදවත් ගල්වගේ නිසා ඕනෑම දුකක් ඉවසගෙන ඉන්න පුළුවන් කියලයි මිනිස්සු හිතන්නේ. ඒවුනාට ..අද මේ බංකු මිනිස් පහසක් ලබන්නේ නැහැ. බොළඳ කතා ඇහෙන්නේ නැහැ. දුක් මැසිවිලි කියන්න කව්රුවත් මේවා වල වාඩිවෙන්නේ නැහැ... දැන් මේ බංකු තනිවම හඬනවා...එදා හොරෙන් කන්දුන්න පෙම්වතුන්ගේ ලස්සන බොළඳ වදන් මතක්කරලා තනිවම හිනාවෙනවා..එත් ..ඔවුන් දකින්න නැතිනිසා ඔවුන් අයෙත් කවදා එවිදොයි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා...ජීවිතයත් ඒ වාගේ නොවෙයි කියලා කියන්න කාටවත් බැහැ නේද...?"

:       12       224

පුජා Thursday, 02 April 2020 07:48 PM

ලක් මෑණියන්ගේ තුරුලෙන් මිදී , දුර ඈතක දිවි ගෙවතත් , අතීතයේ නුවර වැව වටා ඇවිදිමින් ගත කල ඒ අතිශයින්ම සුන්දර කාලය මතක් වී ඇසට කඳුලක් නැගුණි... විජිත් මහතාගේ කොමන්ටුව, ලස්සන නිසදැසක් වැනියි. ආසාවෙන් කියවා රස වින්දෙමි. අහෝ ! කාලය මැවු වෙනසක තරම.

:       7       56

පුජා Thursday, 02 April 2020 10:46 PM

මේ ගල් බංකුවල පහස ලැබුවේ පෙම්වතුන් පමණක් නොවෙයි. විරැකියාවෙන් පෙලෙන අය ,පවුල් ප්‍රශ්න, ණයතුරුස් වලින් හෙම්බත් උන පිරිස් වගේම ජිවිතයේ සැන්දෑ සමය ගෙවන වියපත් අය බලාගත් අත බලා සිටින සොඳුරුතම ස්ථානය. දළදා මාලිගය පරිශ්‍රයෙන් , වේල්ස් උද්‍යානයේ මනරම් පුෂ්පයන් ගෙන් සිපගෙන එන සිසිල් සුළගින් ,මදකට හෝ ගත සිත සතපවාගත් , තම මිතුරන් දකින්නට නොමැති ගල් බංකු ,පාළුවෙන් වෙලී සිටින්නේ ,කොහේදෝ ඈතක සිටි "කොරෝනාවක්" කල හදිය ගැන කිසිම හැඟීමක් දැනීමක් නොමැති කමින්. හැඟීමක්, දැනීමක් දැනෙන අපි වගකීමෙන් කටයුතු කර මේ කොරෝනා වසංගතය පලවා හැරීමට හැකි සෑම දෙයක්ම කර ,අපගේ ලක් මාතාව මේ භයානක උවදුරෙන් ගලවාගැනීමට සිතට ගමු.

:       0       50

Jay Friday, 03 April 2020 02:47 AM

මුළු ලෝකෙම වගේ නිහඬයි , හැබැයි ස්වභාවධර්මය ඒ අතිරින් හිනාවෙනවා. නැවතත් ජීවයක් ලබමින් ඉන්නවා.

:       0       33

Sanka Friday, 03 April 2020 03:29 AM

අපද්‍රව්‍ය විසි කරන්න කවුරුත් නැහැ, දැන් වැව පිරිසුදු වෙයි දුර්ගන්දය නැති වෙයි පරිසරය සුරක්ෂිතයි.

:       0       19

Sarath Friday, 03 April 2020 04:15 AM

සොබාදහම දුන් දඩුවම !!! නොමිනිසුන්ගේ නොහොබිනා ක්‍රියාවලියට සොබ්දහම පිළිතුරු දෙයි

:       0       29

ධම්ම Friday, 03 April 2020 05:09 PM

මේ... නගරය මා ඔබ මුණගැසුනු නගරයයි…

:       1       40

Mal Friday, 03 April 2020 05:29 PM

චුටි පුතා මගේ මල් බබා ...

:       1       2

Amula Saturday, 04 April 2020 05:57 AM

මෙ වසංගතය සෑම දෙවියෙක්ම කෝප වෙච්ච නිසා ස්වභාව දහම නිසාම දීපු එකක්.. දැන්වත් ස්වභාව දහමට, දෙවියන්ට ගරු කරපල්ලා...

:       1       11

චතුර Saturday, 04 April 2020 08:14 AM

අනුන්ට හොරෙන් ඊර්ෂ්‍යා කරන මානසික රෝගීන් 22 ක් මේ පිටුව බලලා තියෙනවා.

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 728 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site