IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මුහුණු පොතෙන් නිරෝධායනයට බැන වැදුණු පුද්ගලයකු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

"මුස්ලිම් මිනිසුන් දෙවියොත් එක්ක සෙට්වෙලා කොරෝනාවලට බෙහෙතක් හොයන්න උත්සාහ ගනිද්දි පොලීසිය ගොන් වැඩකර ඔවුන් අත්අඩංගුවට ගන්නවා’’ යැයි සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ නිරෝධායන කි‍්‍රයාවලියට දෝෂාරෝපණය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එස්. ප‍්‍රභාකරන් මහතා අද (08) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෞද්ගලික සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ලිහිණීයාවත්ත, කැළණීමුල්ල, අංගොඩ හර්ෂණ ශාමින්ද පෙරේරා නැමැත්තාය.

නිරෝධායන පනත, පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අද (08) පෙරවරුවේදීය.

පොලීසිය විසින් පුත්තලම ප‍්‍රදේශයේ දේවස්ථානයට ඇදිරි නිතිය සහ නිරෝධායන නිතිය කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විවේචනය කරමින් මෙම පුද්ගලයා සිය මුහුණු පොතේ වීඩියෝවක් මගින් ප‍්‍රචාරයක් ලබාදී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 



අදහස් (10)

මුහුණු පොතෙන් නිරෝධායනයට බැන වැදුණු පුද්ගලයකු රිමාන්ඩ්

තුෂා Wednesday, 08 April 2020 02:13 PM

මේ වහන්සේලාට..., දැන් මේක දැන් විහිළුවක් වෙලා. අපි ඉන්න දියුණුයි කියන බටහිර රටවල් සමග සංසන්දනය කරනවිට ලංකාවේ නිරෝධායන ක්‍රියාවලිය ඉතාමත් උසස් තත්වයක තියන බව ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ වාගේ මිනිසුන්ට, අනිත් අයටත් පාඩමක් වෙන්න.

:       111       294

Kamal Wednesday, 08 April 2020 02:14 PM

මම හිතන්නෙ මෙම පුද්ගලයා නිරෝධායන ක්‍රියාවලියට නොව මුස්ලිම් මිනිසුන්ට අපහාස කිරීම සඳහා සාකැසම් යොදාගෙන තිබෙන බවයි. එය ඔහුටම පාරාවලලක් වී තිබෙනවා .

:       1       75

Champa Wednesday, 08 April 2020 02:32 PM

මෙහෙමද බැනලා තිබුනේ? මේ වචනම නම් පාවිච්චි කරලා තිබුනේ, මට පේන්නෙ ඔහු කරලා තියෙන්නේ පොලිසිය විවේචනය කිරීමක් නෙමෙයි, අනිත් පාර්ශවය උපහාසයට ලක් කිරීමක්. පොලෝසියට පොඩි පුහුණුවක් දෙන්න වෙනවා හාස්‍යය සහ උපහාසය දනවන වැකි වල තේරුම අඳුන ගන්න. කොතලාවල හමුදා රෝහල ගැන කියපු දේකටත් තරුණයෙක් අත් අඩංගුවට අරන් තිබුන. රටේ ඉහලම දේශපාලකයෝ ලංකාවේ රෝහල් වලට නොගිහින් සිංගප්පුරු යන රටේ, උසාවියෙන් හිරේට යවන ප්‍රභූන් වෙනුවෙන්ම හිර ගෙවල්වල විශේෂිත කුටි හදල, රෝහල්වල කාමර වෙන් කරලා තියෙන රටේ, කොතලාවල රෝහලත් ප්‍රභූන්ට විතරයි කියල මිනිස්සු උපකල්පනය කරන එක හිරේ දාන වරදක් නෙමෙයි. අප්‍රේල් විහිළුවක් කරපු කාන්තාවකුත් අත්අඩංගුවට අරන් තිබුන. අප්‍රේල් 1 නෙමෙයි ඔය විහිළුව නිකම් දවසක හරි "අගමැතිතුමා" ගැන කරල තිබුන නම්, එතුමා හයියෙන් හිනා වෙලා නිකම් ඉඳියි, උසාවි ගෙනියන්නේ නැහැ. හමුදා නිලධාරියෙක් දේශපාලනය කරන කරන කොට වගේම, හමුදාව, පොලිසිය වෙනදට වඩා කිට්ටුවෙන් සිවිල් ජනතාව එක්ක ගැටෙන කොට, විවේචන, අපහාස, උපහාස ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ලයිම් ලයිට් බලාගෙනම වැඩ කරන්න එපා. ඔබට හිමි ප්‍රසංශාව මිනිස්සුන්ට බලය පෙන්නලා ගන්න හදන්න එපා.

:       380       366

පොලිෂ් ලොක්කා Thursday, 09 April 2020 10:33 AM

මේ හලෝ...නොදන්නා දේවල්වලට කට දමන්න එපා. අපිට අපහාස කළා කියලා ඔහේවත් අරගෙන යන්න පුළුවන්. අල්ලාගෙන ගිහින්, මිරිස් ගෝනියක බස්සවනවා. ඊට පස්සේ ඒ ගෝනියට ලොකු පොල්ලකින් තඩි බානවා. ඊටත් පස්සේ ඇදගෙන ගිහින් ඔය කැලෑවකට විසිකරලා දානවා. සත්තුත් බඩගින්නේ ඉන්නේ මේ දවස්වල... උනුත් මොනවාහරි කන්න ඕනනේ....

:       1       52

ජයරත්න පේමසිරි ; පල්ලෙබැද්ද. Wednesday, 08 April 2020 03:08 PM

අද කාලේ අපේ දෙවිවරු වගේ මිහිපිට සිටින්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හා සෞඛ්‍ය සෙවයේ උත්තමයෝ තමයි. ඔවුන්ට ගරහන එවුන් තමයි වසලයෝ කියන්නේ. මුන්වගේ තවමත් බොරු මිත්‍යා විශ්වාස කරතියන් ඉන්න අමනයෝ ජාතියක් තවත් මේ ලෝකේ නැතුව ඇති. මුන් අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙට ම පිළිලයක් බව ඔප්පු වෙලා ඉවරයි. අපේ මිහිපිට ඉන්න සැබෑ දෙවිවරුන්ට තෙරුවන් සරණයි.

:       144       148

Gamage Wednesday, 08 April 2020 03:35 PM

මෙහෙමත් මෝඩ රටක්? මමත් දැක්ක ඔය video එක. හාස්‍යට හදල තිබ්බ එකටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනාවා නම් හිතාගන්න බෑ මොනවා කියන්නද කියල...? දෙයක් තේරුම් ගන්න බෑ මේ රටේ මිනිස්සුන්ට.

:       241       316

Kumar Wednesday, 08 April 2020 04:15 PM

ආසාධිතයන් ලක්ෂ ගණනක් ඉන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ තවම කිසිමකෙනෙක් මුහුනුපොතේ හෝ වෙනත් මාධ්‍යක් කල ප්‍රකාශයකට අත්අඩංගුවට අරගෙන නැහැ. කෝ ඉතින් ඇමරිකාවට බනින අය. කෙනෙකුගේ ජිවිතයට තර්ජනය නොකර ඕනෑ තරම් බනින්න. ලංකාවේ මොන ප්‍රකාශය කලත් කුඩුවේද?

:       181       177

සෙනෙවිරත්න Wednesday, 08 April 2020 05:39 PM

මේක බරපතලයි විවේචනය කරන්නත් බැරිද? බොරු පුවත් මැවීම සහ විවේචනය කියන්නෙ දෙකක්, බොරු කීම කවදත් අහිතකරයි. ඒත් විවේචනය යහපත් දෙයක්,

:       86       147

සමන්ත Thursday, 09 April 2020 02:56 AM

මමත් මේ විඩියෝ එක බැලුවා. මේ කෙනා විඩියෝව මගින් උපහාසයට ලක් කර ඇත්තේ දෙවියන් වදින්න ගිය මිනිස්සු මිසක් නිරෝදායන කටයුතු නොවේ.

:       19       85

rajiva perera Thursday, 09 April 2020 10:25 AM

අංගොඩ ඉන්න අයට තියෙන මානසික රෝගය නිසා මේක කරන්න ඇති. ඔන්න ඔය මනුස්සයාව මානසික රෝහලට අරගෙන ගිහින් අර රෝසපාට පෙති ටිකක් අරගෙන දෙන්න. ඒ ගමන්ම ප්‍රභාකරන් මහත්මයාටත් ඒ පෙතිටිකක් පොවන්න. දෙන්නටම සුවවේවි. පොලිසියේ මහත්වරුන්ටත් මේ බේත් හොඳයි..

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 691 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1131 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1330 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2355 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2289 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 138 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1253 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site