IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මැලේසියාව අත්‍යවශ්‍ය සේවා හැර සියලු කටයුතු නවතා දමයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති දෙකකට කාලයක් රටේ අත්‍යවශ්‍ය සේවා හැර රටේ සියලු කටයුතු නවතා දැමීමට පියවර ගන්නා බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහිදින් යසීන් නිවේදනය කළේය.

හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශිකයන්ට රටට ඇතුළුවීම තහනම් යැයි ද මැලේසියානු ජාතිකයන්ට රටින් පිටවීම තහනම් යැයි ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා කීවේය.

විදෙස්ගතව සිට රටට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට මැලේසියානු බලධාරීහු පියවර ගෙන ඇත.

ආගමික කටයුතු ඇතුළු මහජනතාව එක්රැස් වන උත්සව ආදී සියල්ල කල් දැමීමටත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන කඩසාප්පු හැර අනෙකුත් සියල්ල වසා දැමිය යුතු බවත් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාසල් වසා දමන්නැයි ද මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

විශේෂ ප්‍රකාශයක් කරමින් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළ අතර එය එරට රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය ද කෙරුණි.

මැලේසියාවේ රෝග පාලන සහ ආරක්ෂණ පනත සහ පොලිස් පනත ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව සංචාරක සීමා පනවන බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘ආණ්ඩුව ගෙන ඇති පියවර ඔබට ඔබගේ දෛනික ක්‍රියාකාරකම්වලට බාධාවක් වෙන්න පුළුවන්. ඔබට විවිධ දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙන්න වේවි. එහෙත් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමටත් ඔබේත් මගේත් ජීවිත ආරක්ෂා කරගැනීමට මේ ක්‍රියාකාරකම් ගන්න වෙනවා’’ යැයි මැලේසියානු අග්‍රාමාත්‍යවරයා කීවේය.

මැලේසියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 553කි. අග්නිදිග ආසියානු රටකින් වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ද මැලේසියාවෙනි.

ඒ.එෆ්.පී./රොයිටර්

055

 



අදහස් (2)

මැලේසියාව අත්‍යවශ්‍ය සේවා හැර සියලු කටයුතු නවතා දමයි

ජයරත්න Tuesday, 17 March 2020 03:35 PM

මැලේසියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       0       0

Mahesh Tuesday, 17 March 2020 05:48 PM

අන්න නායකයෝ. අපේ ඉන්නේ ඡන්ද ගැනම කියව කියවා ඉන්න පතෝලයෝනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site