( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිසිඳු මිලක් නොමැති කමින් කල්පිටියේ වගාබිම් වල අස්වැන්න එම භුමි තුලම විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .
කොරෝනා වසංගතයත් සමඟ එළවළු සදහා නිසි මිලක් නොමැති විමේන් තමන් අන්ත අසරණ වි වගා බිම් තුළ විනාශ විනාශ වෙමින් ඇති බව වගා කරුවන් කියයි.
කල්පිටිය අර්ධද්විපයේ වගා කර ඇති එළවළු හා පලතුරු සදහා මාස දෙකකට ආසන්න කාලයක් මිලක් නොලැබුුන බවත් මේ හේතුවෙන් අක්කර සිය ගනනක වගාවන් නැවත වගා ආරම්භ කිරිමේ අරමුණින් බිම් සැකසිමට කටයුතු කරන බව වගා කරුවන් පවසයි .
මේ වන විට දළුව ,නාවක්කඩුව , මාන්පුරිය, නාරක්කල්ලිය , පනිඅඩිය , පුලච්චේන, නොරෝච්චෝල , ආලංකුඩා, ආන්නන්කන්ඩි, පාලකුඩා, තලවිල , කුරිඤඤංපිටිය , සේතපොල, මුසල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාබිම් අක්කර සිය ගනනක් වගාවන් වල මිල නොමැති කමින් වගා බිම් තුලම විනාශ වන බව කියයි.
මේ වන විට කල්පිටියේ මාළු මිරිස් කිලෝව රුපියල් 20 ක් බවයි, මෑ කිලෝව රුපියල් 30 ක් ද, බණ්ඩක්කා රුපියල් රුපියල් 30 ක් ලෙසද , බිට් කිලෝව රුපියල් 20 ක් ලෙසද , පිපිඤඤා කිලෝව රුපියල් 25 ක් ලෙසද , හින් මිරිස් රුපියල් 80 ලෙසද , බටානා රුපියල් 40 ක් ලෙසද ඒසේම අනිකුත් සියලුම එළවළු රුපියල් 50 කට අඩු බවද වගාකරුවෝ කියති.
මේ පිලිබදව අදහස් දැක්වු වගාකරුවකු වන රේජීනෝල්ඩ් ක්‍රිස්ටි අප්පුහාමි මහතා මෙසේ පවසන්නට විය .
“ මේ වසංගත තත්වය කල්පිටියේ ගොවින් අන්ත අසරණ වුනා . මොකද මේ කාලයට සාමානයෙන් එළවළු කිලෝවක් රුපියල් 50 කට වැඩි මිලක් යනවා වෙනත් කාලවලදී . නමුත් මේ වසංගතය නිසා අපි අන්ත අසරණ වුනා .එළවළ වල පවතින මිල අඩු නිසා අස්වැන්න නෙලන්න යන ශ්‍රමික කුලියවත් අපිට නොලැබෙන නිසා අස්වැන්න නෙලන්නේ නැහැ .
ඒ නිසාම මේ වෙද්දි මාළු මිරිස් , මෑ , කොමඩු , බණ්ඩක්කා , ඇතුළු එළවළු වර් ග විශාල වශයෙන් වගා බිම් වල විනාශ වෙනවා .මේ වෙද්දි මේ වගා බිම් වල නැවත වගා ආරම්භ කරන්න බිම් සැකසිමට ට්‍රැක්ටර් යොදා ගනිමින් සිටිනවා .
මේ පිළිබදව තවත් අදහස් දැක්වු කේ.එල් .පොඩි නිළමේ මහතා පවසා සිටියේ මෙවැන්කී.
“ අපි දහ දුක් විදලා කරන වගාවන්ට සමහර කාල වලදි අධික මිලක් ලැබේනවා .නමුත් සමහර කාලවලදි අපේ වියදමවත් පියවා ගන්න බැරි තරමට මිල පහත වැටිමක් සිදුවෙනවා .
මේ නිසාම මම වගාකරුවකු ලෙස කල්පනා කරන්නේ කිසිම ලෙසකින් පාරිභෝගිකයා සේම වගාකරුවන් ආරක්ෂා වන ආකාරයෙන් මිලක් නියම විම විශේෂ කාරණාවක් .
මේ නිසා වගකිව යුතු අංශ මේ සදහා නිසි මැදිහත් විමක් විය යුතුයි . යැයි ඔහු පැවසිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි පාලකයෝ ආවම ඔහොම වෙනවා කියලා ධර්මයේත් සදහන් වෙනවා.
මේවට තමා රජය මැදිහත්විය යුත්තේ. නිෂ්පාදනය කර මිලක් නැතිනම් වග සංග‍්‍රාමවලට යන කල කුමට කියමුද? රු. 5000/= ගානේ ගන්න පෝලිමේ හිටිය නම්බුකාරයින්ට වඩා මේ මිනිස්සු අසරණයි. මුදල් ,ශ්‍රමය කැපකොට ලැබෙන අස්වැන්න මිල කල නොහැකි නම් නිෂ්පාදන ආර්ථිකයට වඩා පෝලිමේ ඉඳ හිඟමන හොඳයි කියල ඔක්කොමල හිතුවොත්?
මේක ලංකාවේ සෑම කාලයකම වගේ වෙන දෙයක්. රජය වගාකරුවන්ට හොද මිලක් ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. මේකට ප්‍රධාන හේතුව ලංකාවේ වගා කළමනාකරණයක් නොමැති වීම. රජයෙන් අස්වැන්න මිලදී ගැනීම මේකට විසදුම නෙවෙයි.
මේවා කිසිදු වගකිවයුතු බලධාරියෙකුට පෙන්නේ නැතිද ? මේ ගොවියන් අස්වැන්න විකුණාගැනීමට නොහැකි උනාම ජීවත්වෙන්නේ කෙසේද ? රටේ එක තැනක එළවලු ගිනි ගණන්.... තවත් තැනෙක විකුණා ගන්න බැහැ. පුදුමයි එත් ඇත්තයි. ටීවී එකේ ජනතාවගේ කන් පිරෙන්න කියන පම්පෝරි ගහන සමහර දෙනාට මේවා පෙන්නේ නැතිද ? කතාව දෝලාවෙන් ඒ උනාට ගමන පයින් .අනේ මන්දා ?
ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ කෘෂි විද්‍යා උපාධිධාරීන්.., ඔවුන් කරන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට වෙලා නිකන් කල්මරමින් සිට වැටුප් ලබන එක..
නිෂ්පාදනයක් කරල රටට යමක් කරන ගොවියො බංකොලොත්, ඩීල් දාල කොමිස් ගහල සල්ලි හම්බුකරන නිකම්මු උඩින් යනවා...
77 පස්සේ මේවට මැදිහත් වෙලා තිබුන රාජ්‍ය ආයතන වහල දැම්ම. MD එක උදාහරණයක්. දැන් වෙළෙන්දෝ ඒකාධිකාරයක් හදාගෙන සල්ලි උඩ පීනනවා. ගොවියෝ අසරනය්. ගොවියෝ ගොවි තැන අත් හරිනවා. කාලිංග වගේ අය මේකේ අගක් මුලක් නොදැන කොටනවා. දැන් අලුතින් රාජ්‍ය ආයතන පටන් ගත්තත් වැඩක් නැහැ. ඒවායේ එවුන් මුදලාලිගෙන් ජරාවක් අරන් බකල් කරලා දානවා.
ඉදුණට පස්සේ කඩලා වෙලන්න. කුඩු කරලා මිරිස්වලට විකුණන්න...
ගොවි ජන සේවා නිලධාරීන් තමන්ගේ කාර්යය හරියට ඉටු නොකරන බවට මෙය තවත් සාක්ෂියකි. ලංකාවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැඩ නොකරන බොරු කාරයන්ගෙන් පිරුණු එකකි. ඔවුන් කාර්යාලයට ගොස් පොත අත්සන් කර කිසිම පලදායක වැඩක් නොකර නිවසට පැමිණෙති. කොරෝන ඔවුන්ට වෙස් වලාගත් ආශීර්වාදයකි. කන්තෝරුවට නොගොස් නිවසේ සිටම වැටුප් ලබාගත හැක. ඔය ලංකාවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට යන කිසිම මනුෂ්‍යකුට රස්තියාදු නොවී හොඳ තත්වයේ පොල්පැල 10 මිලදී ගන්න එහි නැත. අද පොල් මහත්මය නැත, අපේ තවාන් වල පැල නැත. අසවල් පුද්ගලික තවානෙන් මම කිව කියල පැල මිලදී ගන්න කියල ලිපිනය ලබාදේ.., සමහරු දුරකථනයෙන් පුද්ගලික පැල තවානට කතාකර අවශ්‍ය පැල ප්‍රමාණය වෙන්කර දීමට තරම් කාරුණික වේ... (ඔවුන්ට එතනින් කොමිස් මුදලක් ලැබීම වෙනත් කතාවකි)
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව කියන්නේ සුදු අලියෙක්. නිසි පොළොවට, නිසි කලට, අවශ්‍යතාවය අනුව අපතේ නොයන්න මිල අඩු වැඩි වීම අඩු කරන්න ඇයි ජාතික ක්‍රමවේදයක් හදන්න බැරි. හැබැයි ඕකේ ඉන්න තරමක් ඉන්නේ පී එච් ඩි තියෙන අයලු.
ප්‍රභා මහත්මිය , ඔබගේ අදහසේ යම් සත්‍යයක් ඇත... විශාල ප්‍රමාණයේ ශීතාගාර පහසුකම් තිබෙනවා නම් මේවා ගබඩාකර කල් තබාගන්න පුළුවන්... නමුත් ගොවිජන සේවා දෙපාර්තමෙන්තුවට පුළුවන් රටට අවශ්‍ය එලවලු ප්‍රමාණය ලොකු ලුණු, සහල් අවශ්‍යතාවය වැනි දේ පිළිබඳව කලින්ම දල ඇස්තෙම්න්තුවක් සකස් කරන්න. ඉන්පසුව ප්‍රදේශය ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවිසංවිධාන මගින් ගොවියන් සමග සාකච්චා කර එම එළවලු ප්‍රමාණය වගාකරන්න කටයුතු කරන්න. එසේ කටයුතු කරහම එම එළවලු අතිරික්තයක් සහ හිගයක් නොමැතිව වෙළදපලට ලැබෙනවා... ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අරක්ෂා වෙනවා. ශීතාගාර පහසුකම් රජයට ඇතිකර පවත්වාගැනීම අපහසු කටයුත්තක්... නමුත් මහා පරිමාණ වෙළෙන්දන් ( කාර්ගිල්ස් , කීල්ස් වැනි ) ව්‍යාපාරිකයන් සමග සාකච්චකර ඔවුන්ව මේවා හදන්න පොළඹ වන්න ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට පුළුවන්..., එකම ගොවිජන සේවා මධ්‍යස්ථානයක සාමාන්‍යයෙන් නිලධාරියෝ 25 වත් ඉන්නවා. මොවුන් නිසිලෙස රාජකාරියේ යොදවනවා නම් විශාල කාර්යයක් රටට ඉටු කල හැක...
අදක්ෂයන් බලයේ සිටින විට සාමාන්‍ය ජනයාට සිදුවන දෙය මින් පෙනේ.
මහත්මිය, යුද්ධ කිරීමට පුහුණු කළ රජයේ ආයතනයක් වන හමුදාව නිරෝධායන කටයුතු , හදිසි අවස්ථාවලදී එළවලු වැනි ආහාරද්‍රව්‍ය රටපුර බෙදාහැරිනවානම් , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ගොවි නිෂ්පාදන කළමනාකරණය කරගන්න බැරි මොකද ?
එළවලු, ධාන්‍ය වර්ග, එල කිරි, මස් වර්ග, සහ බිත්තර වැනි අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සහ ජනතාවට විකිණීම හමුදාවලින් කලයුතුයි. ත්‍රස්තවාදී වැඩ මර්ධනය වගේම රටේ ජනතාවගේ සුවය රැකීම ජනාධිපතිගේ යුතුකම.
දුකයි මේ රට ගොඩගන්න උත්සහ නොගන්නවට... රට වැසියාගේ අතමිට සරු වුණොත් රට ඉබේටම දියුණු වේවි...!!!
වගා කරන්න උනන්දු කරනවා. පිටරටින් ගෙන එක අඩුකරන්න ඕනේ කියා කයිවාරු ගහනවා. අස්වැන්න ටික හරියට කළමනාකරණය කරගන්න ක්‍රමයක් හදන්නේ නෑ. චන්දෙට තමා උනන්දුව කට්ටියගේ...
දියුණු රටවල නිකම් ඉන්න අයට වැටුප් දෙන්නේ නැ, කිසිම රස්සාවක් ජීවිත කාලෙම ස්ථිර නැහැ.. කස්ටමර්ගෙන් අහල නිසි සේවය නොලබෙනම් රස්සා දිගුව නොලැබේ. අපි තාම පරණ සුද්දගේ ක්‍රමේ... නමුත් සුද්ද අලුත් වෙලා...
ජනාධිපතිතුමනි, මේ රට මෝසම් වැසි ලැබෙන , අවුරුද්දෙම වතුර තිබෙන හොඳ සරුසාර රටක්. මේ රට ගොඩගන්න බැරි මේ වැඩ නොකරන , කම්මැලි දුෂිත නිලධාරීන් නිසා ඔබතුමා හෝ යම්කිසි කෙනෙකු අවංකවම රටට වැඩක් කරන්න මේක දියුණු කරන්න උත්සහ කළත් ඒ අය කකුලෙන් අදිනවා. ඔවුන් කැමති රටේ ජනතාව හැමදාම දුප්පත්ව සිටිනවාට. එතකොට ඔවුන්ට පුළුවන් අර සහනාධාර මේ සහනාධාර කියලා බෙදන ගමන් ඒවගෙන් කොටසක් සාක්කුවට දමාගන්න. කරුණාකර වහාම හමුදා බුද්ධි අංශ යොදවලා මේ ගොවිජන සේවා දෙදෙපාර්තමේන්තුව , පාස්පෝර්ට් කන්තෝරුව ,පොලිසියේ , හිරගෙදර ජේලර්ලා වැනි මෙකි නොකී දෙපාර්තමේන්තුවල සිටින දුෂිත නිලධාරියෝ ගැන සොයා බලා එකවර ඔවුන් මර්ධනයට යමක් කරන්න . විශේෂ අධිකරණයක් හරි පිහිටවලා , මේ වැනි දුෂිතයන් 1000 කටවත් නඩු අහලා මේ වසර අවසන්වෙනකොට දඩුවම් කරන්න පුලුවන්නම් ජනතාව අනිවාර්යයෙන්ම චන්දෙ දෙනවා. ජනතාවට ලොකු ලොකු දේවල් අවශ්‍ය නැත. දැන් කරන්න තිබෙන්නේ එකම දෙයකි. ඔය චන්දය මාස කිහිපයකට කල් දමලා පරණ පාර්ලිමේන්තුව කැඳවලා මේ වැඩටික කරලා ඉන්න. අලුතෙන් පොහොට්ටුවෙන් නාමයෝජනා දෙනකොට අර පරණ ඔළුගෙඩි වලින් 50% විතර ඉවත්කරලා , ඉතුරු කොටස වියත්මගෙන් දමන්න. ඔබතුමාට අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්.
වගා සන්ග්‍රාමය...
වැලේ වැල් නැතුව බයිසිකලේ ගිය කෙනෙක් නේද? අද කෝටිපති ගොවි පුතෙක් වෙලා ඉන්නේ? මේ ආණ්ඩුවත් ගිය ගවපාලන ආණ්ඩුව වගේ තමා තව එන්න හීන බලන අනිත් දේශපලුවොත් ඔක්කොම ඒකයි... ඔක්කොම කරන්නේ තමුන්ගේ පවුල් ගොඩ දාන එක....
සරල ගොවිපුතා ගැන නම් කතාකරන්න එපා... ඔහු අවුරුදු 4 පුරා රට පස්සට ඇද්ද මදිවට, විශ්‍රාම ගියහම කොළඹ ඉඳන් ගෙවතුවගාවක් කරන්න කොළඹ 7 මන්දිරයකුත් ආණ්ඩුවෙන් ලබාගෙන ගෙදර ගියේ..., ඔහු සරල ගොවිපුතෙක් නිසා පොළොන්නරුවේ කුඹුරුවල සිසාන්න, වතුර බදින්න, ගොයම් කපන්න යන්න එන්න පොලොන්නරුවේ යන්න එන්න හෙලිකොප්ටරයකුත් ඉල්ලලා ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කරලා...