(මනෝප‍්‍රිය ගුණසේකර)
‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගත්තේය.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වළකාලීමේ පියවරක් වශයෙන් අදාළ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ මෙලෙස පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
එම නිවාස සංකීර්ණයේ පවුල් 400 ක පමණ පිරිසක් පදිංචිව සිටින බවත් ඔවුන්ට නිවාස සංකීර්ණයෙන් පිටව යෑම සහ පිටස්තර පුද්ගලයින්ට නිවාස සංකීර්ණයට ඇතුළුවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ලඟින් ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීම සදහාද සෞඛ්‍ය අංශ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්වැලේ පුරුක් ටික දැන් ඉතාම පැහැදිලියි.
කිරි හරක් දහස් ගණනක් ඉන්න ගොවිපලවල් වල හරකුන්ට නිතරම හැදෙන මුක සහ කුර ලෙඩේ (foot and mouth disease ) හැදුනාම ලෙඩ සතා අයින් කරලා මුළු ගොවිපලම නිරෝදායනය කරනවා මොකද හරකුන්ට මොලේ නැහැ නෙව නැත්නම් රටපුරා දුවනවා !මේක සමහරවිට මාසගණන් දික්ගස්සනවා.
මේ වගේ අය ඉන්නකල් මේ ලෙඩෙන් ගොඩ යන්න ලැබෙන්නේ නැහැ. මෙච්චර කියලත් ,මෙච්චර ප්‍රචාරණයක් දීලත් .... තේරෙන්නේ නැහැ කියන්නේ.
මොහු සමග ගිය සිකුරාදාට ඉස්සර සිකුරාදා පල්ලියේ ගියා කියන අනෙකුත් පුද්ගලයන් ගැනත් සොයල බලන්න , මේ විදිහට තම සහෝදර ජනතාව අමාරුවේ දමන්න මෙයාගේ ඔලුව හොඳ නැද්ද ?