IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැයි මස රුපියල් 5,000 ගෙවන්න කෝටි 2,572ක්

(ඩයනා උදයංගනී)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ 51,44,046 දෙනකු වෙත රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා මැයි මාසය වෙනුවෙන් රුපියල් කෝටි 2,572ක් වෙන් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම මුදල වෙන්කර ගැනීම සදහා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අප්‍රේල් මාසයේදී ලක්‍ෂ 74 ක පිරිසක් වෙත මෙම දීමනාව ලබාදී තිබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙසේ සහනාධාර ලබාදීමේදී වැඩිහිටි දීමනාව ලබන්නන් සහ මෙතෙක් නොලැබී පොරොත්තු ලේඛනවල සිටි 6,29,214 කට රුපියල් කෝටි 314ක්, අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 489කට රුපියල් ලක්‍ෂ 20ක්, ආබාධිත තත්ත්වයේ පසුවන 1,23,641 දෙනකු වෙනුවෙන් රුපියල් කෝටි 62ක්, වකුගඩු රෝගීන් 44,291 ක් වෙනුවෙන් රුපියල් කෝටි 22 ක්, සමෘද්ධිලාභීන් 17,98,293ක් වෙනුවෙන් රුපියල් මිලියන 899ක්, සමෘද්ධි සහනාධාරය ලබාගැනීමේ පොරොත්තු ලේඛනවල සිටින 7,31,975 ක් වෙනුවෙන් රුපියල් කෝටි 366ක්,අඩුආදායම්ලාභී හා ජීවනෝපාය අහිමි පවුල් 19,24,967 වෙනුවෙන් රුපියල් කෝටි 962 ක්, අගමැතිතුමා වෙත අභියාචනා ඉදිරිපත් කළ ප‍්‍රතිලාභීන්ට ඇතුළු 71,383කට රුපියල් කෝටි 35ක්, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය චක‍්‍රලේඛය අනුව සහනාධාර සුදුසුකම ලැබූ 6,88,811 කට රුපියල් කෝටි 344 ක් වෙන් කර තිබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම සියලූ ගෙවීම් ඉදිරි සති දෙක තුළ සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සදහන් කළේය.

මෙරට ඇති වූ ව්‍යසනයකදී මෙතරම් සහනාධාර ප‍්‍රමාණයක් ලබාදුන්නේ ඉතිහාසයේ පළමු වරට බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (2)

මැයි මස රුපියල් 5,000 ගෙවන්න කෝටි 2,572ක්

Siri Thursday, 14 May 2020 12:23 PM

ස්තුතියි...

:       3       6

කල්පනා Thursday, 14 May 2020 01:39 PM

රජයේ රැකියාවක් කරන අවිවාහක දෙමාපියන් සමග සිටින කෙනෙකුටත් තේවතු හිමි විශාල වෙළද සැලක් හිමි කෙනෙකුගේ (ඔහු ඉහල මුදලක් ගෙවා සේවකයෙකු යොදු බලාගන්නා) පියා වෙනුවෙනුත් මෙම මුදල් ගෙව්වත් නිතර තිතර අසනීපයෙන් පසුවන වයස්ගත විශ්‍රාමිකයින් ගැන අබමල් රේණුවක තරම්වත් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයිද නොතේරේ...

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site