IMG-LOGO

මැතිවරණයට එරෙහි පෙත්සම්වලට නීතිපති - ජනපති ලේකම් විරෝධතා ගොනු කරති


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා  පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා අද  (14) ⁣ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළේය.

ඒ මේ සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් හා අතරමැදි පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද   (18) සලකා බැලීම සදහා කැදවූ අවස්ථාවේදීය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් මෙම පංච පුද්ගල  විනිසුර මඩුල්ල හමුවේ පෙත්සම් කැදවිණි.


මෙම පෙත්සම් කාලවිරෝධී බවත් , ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික වි⁣රෝධතා ඉදිරිපත් කියා සිටියාය.
එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය .

පෙත්සම් හි වැඩිදුර විභාගය.තවදුරටත් පැවැත්වේ.
නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ,  සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය  කුමාර වෙල්ගම යන් මහත්වරුන්  ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

ජාතික වැදගත්කමින් යුතු පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය .



අදහස් (8)

මැතිවරණයට එරෙහි පෙත්සම්වලට නීතිපති - ජනපති ලේකම් විරෝධතා ගොනු කරති

Siri Monday, 18 May 2020 08:19 AM

ඔක්කොටම පිස්සු..., ජනතාව ජීවත්වෙන්න පොරබදනවා. ඔක්කොම චන්දෙයක් අල්ලන් නටනවා. නොදකින් විතරක්.... අපේ රටේ උගතුන් රට හැරදගියේ රට එපා නිසා නොව, මේවගේ උන් එක්ක වසන්න අමාරු නිසා.... අපේ රට තරම් හොද රටක් ලෝකේ කොහෙවත් නෑ. ඒවගේම මේ වගේ රට වනසන උන් ඉන්න රටකුත් ලෝකේ දැන් නෑ .

:       105       522

athulaMonday, 18 May 2020 09:25 AM

රට කොතරම් හොඳ වුණත් රට පාලනයට බාර දිිල තියෙන්නෙ 72ක් තුල තක්කඩින්ට මුං වපුරා තල වෙලන්න බලන් ඉන්න ජනතාවක් ඉන්න රටක්... පකිස්තාන ජනතාව රටට අවැසි නායකයෙක් පත්කරල අද ඔවුන් ප‍්‍රතිපල භුක්ති විඳිනකොට අපේ රටෙ ජනතාව මහා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන පත්කරපු නායකය ඔහුගේ ප‍්‍රශ්න විසඳන බව සක්සුදක්සේ පේනවා...

:       600       626

karuMonday, 18 May 2020 09:57 AM

රටේ මිනිස්සුන්ට කන්න නැහැ. රස්සා නැහැ. ඒ මදිවට රටේ සල්ලි නැහැ. රජයේ සේවකයින්ගේ පඩියට තට්ටු කරන්න හදනවා...

:       410       450

ThilinaMonday, 18 May 2020 11:18 AM

එතකොට මොකක්ද කරන්න කියන්නේ..? කෝවිඩ් වලට බෙහෙතක් හොයාගන්නකල් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නද කියන්නේ? එතකොට විපක්ෂයට බහුතරයක් තියෙන පාර්ලිමේන්තුව එක්ක රට ඉස්සරහට අරන් යන්න පුළුවන්ද? රටකට ආයෝජකයන් එන්නේ ඒ රටේ දේශපාලන ස්ථාවරත්වය බලලා. මේ රටේ ඉන්නේ මොනවා කලත් ඒකේ වැරැද්දක් දකින මිනිස්සු ටිකක්. පෝලිමේ පොර කාලා බඩු ගන්න අරක්කු ගන්න හොඳයි.. පිළිවෙලට පෝළිමේ ඉඳල චන්දය දාන්න අමාරුයි. කවද කල් දැම්මත් චන්දය තියන්න වෙනවා.

:       44       10

Cisco Monday, 18 May 2020 09:13 AM

චන්දයක් තියන්න එපා කියන ජනතා නියෝජිතයෝ. COVID 19 කොහොමටත් ඉවර වෙන්න ප්‍රති වයිරසක් හොයාගත්තත් තව වසර එක හමාරකට වැඩිය යනවා කියල ලෝක සුව සංවිධානයත් (WHO ) කියනවා. තව වෙන මොනවද?

:       50       116

DAYAN Monday, 18 May 2020 10:15 AM

අපේ රට හදන්න බැරි තරමට කුණුවෙලා. මොන අතින් බැලුවත් ඒක තමයි ඇත්ත. අන්තිම පහල සිට උඩටම ඉන්න අය හැම විටම බලන්නේ කොහොමද ගානක් කඩා ගන්නේ කියල. කාට මොකක් උනත් වගක් නෑ. මගේ ගාන හරි නම්.

:       0       14

මාරයා Monday, 18 May 2020 08:35 PM

ඔය ඔක්කොම ඉන්න වෙලාවක දියවන්නාවේ හොල්මන් මාලිගාව පොලොව පලාගෙන යටට යන්න ඕනා. එදා ඉඳලා ලංකාව වාසනාවන්ත රටක් වේවි.

:       0       0

rocky Tuesday, 19 May 2020 04:05 AM

රට ඉදිරියට ගෙන යාමක් ගැන එක් කෙනෙක් කතා කොරනවා! මෙච්චර කාලයක් ඉදිරියට ගිහින් තියෙන්නේ ආපස්සට හැරිලා බව වත් පෙනෙන්නේ නැතුවා වගෙයි. මේ රට ගලවා ගන්න දන්නා තරම් මහන්සිය දාල, ඩම් දාලා දැන් මේ දෙගොල්ලන්ටම බොහොම අමාරුයි. හතර හන්දිවලට පන නැහැ. ඒක හින්දා ඔහොම යන අතක යමු. චීන මාමා ඉන්නවනේ. හරී ෂෝක් ! උන්නැහේ අපිව බලා ගනීවි. ඒක හින්දා කන දෙයක් කාලා බොන දෙයක් බීලා වෙන දෙයක් ඔහේ වෙන්න ඇරලා නිවන් සැප පතා ගෙන බලන් ඉමු!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 68 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site