IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මාතර අධිවේගී බස් අංගනයයෙත් උණුසුම් තත්වයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පානදුර දක්වා පමණක් සීමා කිරීම හේතුවෙන් අද (02) මාතර අධිවේගී බස් රථ නැවතුම් අංගනයේ දී මගීන් හා ප්‍රවාහන සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇති විය.

විශේෂයෙන්ම මාතර සිට මාකුඹුර දක්වා මගීන් ප්‍රවාහනය කිරීම සදහා ඔවුන් බස් රථ වලට නංවා ගෙන තිබු අතර ප්‍රවාහන බලධාරීන්ගේ දැනුම්දීම මත එම ගමන් වාර අවලංගු කර බස් රථ පානදුරට දක්වා පමණක් යාමට සීමා කිරීම ඊට හේතු විය.

මේ නිසා මගීන්ට බස් රථ කිහිපයකට ගොඩ වී නැවත ඒවායින් බැසීමට සිදුවිය විය.

පසුගිය දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ කොට්ටාව දක්වා යාමට අවසර ලබා දී තිබු අතර හිටිහැටියේ එම තීරණය වෙනස් කිරීම ඊට හේතු වු බව බස් රථ සේවකයින් පැවසීය.

තවද එම තීරණය නොසලකා බස් රථ කිහිපයක් මාකුඹුර දක්වා ධාවනය කර ඇතැයි ද ඔවුන් චෝදනා කලේය.

මේ නිසා අධිවේගී බස් රථ සේවකයින් පැය කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත් වී සිටියේය.

පසුව මාතර පොලීසියේ නිලධාරී කණ්ඩායම් කිහිපයක් ද එම ස්ථානය වෙත කැඳවනු ලැබීය.

එහිදී මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඒ. අනිල් මහතා කියා සිටියේ පානදුර දක්වා ධාවනය නොවී මාකුඹුර දක්වා ධාවනය කිරීමට උත්සාහ කරන බස් රථ වලට එරෙහිව නීරෝධායන නීතිරීතී යටතේ නඩු පවරන බවයි.

තවද පානදුර දක්වා ගමන් පහසුව සලසා ගන්නා ලෙසත් එතැන් සිට කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකට යාමට බස් රථ පහසුකම් සලසා ඇති බවත් ඒ මහතා මගීන්ට ද දැනුම් දුන්නේය.

ඒ අනුව අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර දක්වා යාමට බස් රථ කිහිපයක් මාතර සිට පිටත්ව ගියේය.

මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක වත්තගේ රෝහණ මහතාගෙන් විමසූ විට කියා සිටියේ තම කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම් දී ඇත්තේ බස් රථ ධාවනය පානදුර දක්වා පමණක් සිදු කරන ලෙස බවත් ඉන් පරිබාහිරව කිසිවක් කල නොහැකි බවත්ය.

 



අදහස් (1)

මාතර අධිවේගී බස් අංගනයයෙත් උණුසුම් තත්වයක්

Kamal Koyrala Tuesday, 02 June 2020 12:49 PM

විරු රටේ වියතුන් ගනුලබන විද්වත් තීරණවලින් වියත් ජනතාව මහා පාරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site