IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත්තලින් දකුණු කොරියාව බලා ගුවන් යානයක් පිටත් වෙයි

(දිලීප් ජයසේකර)

කොරෝනා වයිරස තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු  විදේශ රැකියා සඳහා පිටත්ව යාම නැවත ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මගීන් 160 දෙනෙකු රැගෙන මත්තල  ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර බලා අද (27) උදෑසන පිටත්ව ගිය බව මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසීය.

මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 වර්ගයේ ගුවන් යානයකින් මෙම පිරිස පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ප්‍රධාන කළමණාකරු සඳහන් කළේය.

මෙම පිරිස දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිට නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි පිරිසක් බවත් මොවුන් සියළුම දෙනා මාර්තු 10 වෙනි දිනට පෙර මෙරටට පැමිණි පිරිසක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කළමනාකරු කල්‍යානප්‍රිය රාමනායක මහතා පැවසීය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මගපෙන්වීම යටතේ කොරියාවේ සංචාරක ආයතනයක් හා මෙරට සංචාරක ආයතනයක් එක්ව මියන්මාර් ගුවන් යානය මෙම ගුවන් ගමන සඳහා එක්කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබුණි.

මෙම රැකිලාභීන් සියළු දෙනා කොරියාවට ගිය පසු එහිදීද දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතු බව ශ්‍රී ලංකා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක් මහතා පැවසීය.

මෙම මගීන් පිරිස (26) වැනිදා රාත්‍රී 8.30 වන විට මත්තල ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

මේ අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ,කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක්,විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය,ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (0)

මත්තලින් දකුණු කොරියාව බලා ගුවන් යානයක් පිටත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site