(ඉන්දිකා රාමනායක)
ඉතාලිය බලා යාත‍්‍රා කරමින් තිබූ එම්.එස්.සී මැග්නිෆිකා නැමැති මගී නෞකාවේ කාර්ය මණ්ඩලයේ සුපවේදියෙක් වශයෙන් කටයුතු කළ අනුර බණ්ඩාර හේරත් නැමැති ශ්‍රී ලාංකික තරුණයා අදාල නෞකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කොළඹ වරාය ආසන්නයට පැමිණි තිබියදී නාවික හමුදාව සහ කොළඹ වරයායේ නිලධාරීන් එකව අද (06) පෙරවරු 6.00 ට පමණ තරුණයා අදාල නෞකාවෙන් පිටතට ගෙන දින 21 ක කාලයක් සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව නාවික හමුදාව කියයි.
නෞකාවෙන් කළ දැනුම් දීමකට අනුව එම නෞකාවේ රෝගීව සිටි ජර්මානු ජාතික කාන්තාවක් ද බේරාගෙන ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
මෙම මගී නෞකාව අද (06) අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නට පැමිණ තිබිණ. ශ්‍රී ලංකා බලධාරීන් මෙම නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 10 ක් පමණ දුරින් නවත්වාගෙන ඇති අතර කොළඹ වරයාට අයත් නියමු යාත‍්‍රාවක් සහ නාවික හමුදා ඩෝරා යාත‍්‍රාවක් එම නෞකාව ආසන්නයට ගොස් තරුණයා සුභෝපභෝගී නෞකාවෙන් පිටතට ගෙන කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
ලෝව වටා සංචාරයක් සඳහා පසුගිය ජනවාරි මස 5 වැනිදා පිටත් වු මෙම නෞකාවේ ගමන ඕස්ටේ‍්‍රලියාවේදී නතර කෙරිණි. එහෙත් ලෝකයේ කිසිම වරායකින් මෙම නෞකාව බාර නොගැනීම නිසා මෙම නෞකාව අයත් සමාගම පිහිටි ඉතාලිය බලා යාත‍්‍රා කිරීම ආරම්භ කළේය.
ඕස්ටේ‍්‍රලියාවේ සිට මෙම මෙම නෞකාව ඉතාලිය බලා යාත‍්‍රා කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආස්න මුහුදේ පැය 3 ක කාලයක් ගතකර කෙරිණි.
එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හෙරත් නැමැති තරුණයා නෞකාව කොළඹ වරයාට පැමිණ පසුව තමන් ලංකාවට බාර ගැනීමට කටයුතු කරන ලෙසට ආයාචනා කරමින් ජනාධිපතිවරයාගෙන් සහ ශි‍්‍ර ලංකා රජයෙන් කළ ඉල්ලීමක් සහිත හඬ පටයක් ඊයේ (05) සමාජ මාධ්‍ය ජාල වලට මුදා හැර තිබුණේය.
තරුණයාගේ මෙම ඉල්ලීම සැලවීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙම තරුණයා රට තුළට ගෙන ඒමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබිණි.
COMMENTS
මේ කෙනා යුද්දෙට ගියානම් එහෙම බයේ මියයයි. නාවිකයෝ කියන්නේ මේ වගේ බයගුල්ලෝද? පුයරබබා නාවික බබෝ ඉදිරි වැසි සහිත කාලගුනයේදී කඩදහි ඔරු සදා ගං දොලේ පාකරනු මැනවි ...
බටහිර රටවල" blood is thicker than water " කියලා කියනකොට අපි " ලෙයට ලෙය අදිනවා " කියලා කියන්නේ මෙයටයි. ලෝකයේ කොහේ හිටියත් උඹ අපේ එකෙක්... ආදරයෙන් පිලිගන්නවා.
රාජපක්ෂලාට මිනිස්සු මේතරම් ආදරේ මෙන්න මේ දෙවිකම නිසාමයි. ස්තුතියි අගමැතිතුමනි, ජනාධිපතිතුමනි....
ඒ විතරක් ද විජීත්, රෝගීව සිටි ජර්මානු ජාතික කාන්තාවක් ද බේරාගෙන ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. කොච්චර හොද වැඩක්ද? මේ වෙලාවේ සියලු දෙන අසරණය... අපට හැකි පමණ අන් අයට හෙල්ප් කරමු. මේ අය බේරගන්න සහබාගි උන සියලු දෙනාට බොහොම පින්. තෙරුවන් සරණයි...!!!
ඒ මනුස්සයාගේ ඉල්ලීම මානුෂීය එකක් වෙන්න ඇති..., ඒත් නැවේ රාජකාරිය දාල ආවේ ඇයි? මට හිතෙන්නේ එක ලැජ්ජාවක් බයගුලුකමක් කියලා... අර නැවේ ඉන්න මිනිසුන් ආහාර සපයා ගන්නේ කොහොමද? නැවේ තවත් සූපවේදීන් ඇති, නමුත් ව්‍යසනයක් ආවාම අමාරුකමක් ආවාම ඒ අභියෝගෙට මූණ දුන්නා එක කොයිතරම් වටිනවාද? දැන් කොයි තරම් දක්ෂ වැඩකාරයෙක් වුනත් රාජකාරිය මග දාල ගියපු එකෙක් , ඉතින් මට කියන්න තියෙන්නේ ඔහු කල දෙය හරි නැහැ. ලාංකිකයන් කියාගත්තාට අපි හරි නිර්භීත ජාතියක් කියල, මට දැනෙන්නේ නම් එකේ සම්පූර්ණ අනිත් පැත්ත කියලයි. නියම තත්වේ නොදැන අපි හාන්සි පුටු විවේචන කරනවා කියාවි, නමුත් ඇත්ත කටුකයි එය වෙනස් වෙන්නේ නෑ....
මේ වගේ නිවට ලෙස පලා ආ මෙවැනි අය නිසා ඉදිරියේදී ලාංකිකයන්ට වගකීම් සහගත රැකියා ලබාදීමට ජාත්‍යන්තර සමාගම් දෙවරක් සිතා බලාවි. නාවිකයෝ කියන්නේ නිර්භීත මිනිස්සු. මේ කෙනා මුළු රටේම දැලි ගෑවා ලෝකෙම ඉස්සරහ.
මෙම නිව්ස්එක දිගටම තියන්න පුලුවන්ද ? මැදපෙරදිග වැඩකරන ශ්‍රී ලංකීක ශ්‍රමිකයන්ගේ අදහස් වලට තැනක් දෙන්න
දුෂ්කර අවස්ථාවේදී තමන්ගේ සගයන් අතහැර පලා ඒම බියගුළු ක්‍රියාවක්. මොහුව ගෙන ඒම සදහා නාවික හමුදාවට ලක්ෂ ගණනක් මුදල් වැය උනා. එම මුදල් මොහුගෙන් අයකර ගත යුතුය.
මැක්ස්, ලංකාව අසල මුහුදේ කොරෝනා පිරුණ ඉතාලියට යන නවුකාවක සිටින ශ්‍රමිකයකුත් සවුදියේ සිටින ශ්‍රමිකයෙකුත් අතර විශාල වෙනසක් තිබෙනවා.මැදපෙරදිග සහ යුරෝපයේ ඉන්න මිනිස්සුන්ට සාධාරණ කාලයක් දුන්නා. නමුත් නැවක ඉන්න මනුස්සයකුට එහෙම හිතුන ගමන් එන්න බැහැ.මේක ක්ෂණිකව ගත්ත හොඳ තීරණයක්.