රංජිත් කරුණාවිර
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරිනිතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනිමට පැමිනෙන ජනතාවට භාන්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔහුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන පරක්ෂක මහතුන් ඔහුනට විරුද්ධව නඩු පවරනු ලැබීය.
මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර් යාලයේ ප්‍රධානී වෛද්‍ය සිදත් රෝහන මහතාගේ නියමයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක මහතා ඇතුලු නිළධාරින් පිරිසක් නගරය පරික්ෂා කිරිමෙන් අනතුරුව සෞඛ්‍ය නිති රිති උල්ලංඝනය කල වෙළෙදුන් 05 ක් හට මහියංගණ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබීය.
එසේම පරික්ෂා කරන ලද වෙළෙන්දන් අතරේ පරිභෝජනයට නුසුදුසු හා කල් ඉකුත් වු ද්‍රව්‍යන් අළෙවි කරන ලද ව්‍යාපාරිකයෙකු හටද නඩු පැවරීය.
ඒ අනුව ව්‍යාපාරිකයන් 06 දෙනෙකු හට නඩු පවරනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇනගන්න හදන්නේ.
ඇයි දොස්තරලා කිව්වේ මාස්ක් ඕනේ නෑ කියලා. ඉතින් මොකටද මාස්ක්? ඇයි දොස්තර මහත්තුරුට වැරදිලාවත්ද?