(ඉන්දිකා රාමනායක)
නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වයිරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට බුස්ස නාවික හමුදා කඳවුරේ ද මහල් හතරකින් යුත් නව නිරෝධාන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇති බවත් මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීම සදහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් කරාපිටිය ශික්ෂිණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් ලබාදී ඇති බවද නාවික හමුදාව කියයි.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බූස්ස නාවික හමුදා කඳවුරේ මෙම ගොඩනැගිල්ල නිරෝධාන කටයුතු සඳහා පෙරේදා (16) සිට මෙසේ සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි.
නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියළු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමට ද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුස්ස නාවික හමුදා කඳවුරේ මහල් 4 ක් නිරෝධායනයට