IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බොරු තොරතුරු දුන් වෛද්‍යවරයකු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොරෝනා ආසාදනය වූ බිලිඳෙකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සේවය නියුතු වෛද්‍යවරයෙකි.  

කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෝහලක කොරෝනා රෝගය වැළැදුන බිළිදකු බිහිවූ බවට සදහන් කරමින් මුහුණු පොතේ පොස්ටුවක පලවූ අසත්‍ය තොරතුරක් මෙම සැකකාර වෛද්‍යවරයා ලබා දුන් බවට සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.

මෙම අසත්‍ය තොරතුර මුහුණු පොතේ පල කළැයි කියන නුවන් නිරෝධ නැමැත්තා ඉකුත් 29 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එම සැකකරු ද ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබිණී.

ඒ අනුව එම සැකකරුට මෙම අසත්‍ය තොරතුරු ලබා දුන් බව කියන සැකකාර වෛද්‍යවරයා ද අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකරුවන් දෙදෙනා අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කර මුහුණු පොත මගින් ප‍්‍රචාරය කර සහ එයට ආධාර අනුබල දී පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
 



අදහස් (6)

බොරු තොරතුරු දුන් වෛද්‍යවරයකු රිමාන්ඩ්

jayath Monday, 30 March 2020 03:03 PM

මේ දොස්තර කොහෙන් උපාධිය ගත්ත කෙනෙක්ද ?

:       112       70

ඉරාන්Monday, 30 March 2020 07:06 PM

රුසියාවේ.

:       0       0

sudath Monday, 30 March 2020 03:14 PM

අගෙයි. ෆේස් බුක් එකේ බොරු දමන නරුමයින් මොලේ අමාරුකාරයොයි .මේ දෙන්නවත් අංගොඩ මානසික රෝහලට යවන්න වෙයි.

:       3       64

athuraTuesday, 31 March 2020 05:31 AM

මේ කියන නුවන් කියන පුද්ගලයා මේ ආණ්ඩුව ගේන්න මුහුණු පොතේ දිවා රෑ වෙහෙසුණු කෙනෙක් බොරුනම් හොයල බලන්න.

:       0       0

Raveendra Monday, 30 March 2020 06:13 PM

දැන් මේ පුද්ගලයා කුමක් බලාපොරොත්තුවෙන්ද? මෙසේ බොරු ප්‍රචාරයක් කලේ යන්න සොයාගැනීම වැදගත් නොවේද? අප තරයේ විශ්වාස කරනවා මෙවන් අයගේ ඡායරූප සහිත සම්පූර්ණ විස්තර සියලුම මාධ්‍යයන් වල පලකිරීමෙන් මෙවන් දුර්ජන ක්‍රියාවන් අඩුකරගත හැකි බවට. කරුණාකර මෙම තිරිසනා කෙසේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන්නේද සොයා බලන ලෙසද ඉල්ලා සිටින්නෙමු.

:       0       0

Mahee Monday, 30 March 2020 07:10 PM

සමහර අය මුහුණු පොත පාවිච්චි කරන්නේ ගෙදරදී කියාගන්න අමාරු ටික සමාජයට කියන්න. වැඩියෙන්ම අවභාවිතා කෙරෙන වටිනා සමාජ මාධ්‍යයක්. එක අතකට සමහර නාලිකා ගත්තහමත් එහෙම කියන්න බැරි කමක් නැතුවාම නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 607 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site