IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය මහරැජිණ ඉදිරිපෙළ වැඩකටයුතුවලින් ඉවත් වෙයි

කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහරැජිණ මාස කිහිපයක් ස්වයං නිරෝධායනයේ පසුවන බවත් ඇය නැවත ඉදිරිපෙළේ රාජකීය කටයුුතුවලට සහභාගි නොවනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට 94 වන වියේ පසුවන ඇය සිය සැමියා වන පිලිප් කුමරු සමග වින්ඩ්සර් මාළිගයේ නැවතී සිටියි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අදියර 3 ක් යටතේ රටේ කටයුතු සාමන්‍ය තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.

රාජකීය චරිතාපදාන කර්තෘ ඇන්ඩෘ මෝටන් ද සන් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එළඹෙන සරත් සෘතුව තෙක් රැජිණගේ සාමාන්‍ය වැඩ කටයුතු යළි ක්‍රියාත්මක නොවනු ඇති බවත් රූපවාහිනී හෝ වීඩියෝ සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇය දැකගත හැකිවනු ඇති බවත්ය.

එය කණගාටුදායක තත්ත්වයක් වුවත් සිය සාමාන්‍ය කටයුතු රැජිණ යළි ආරම්භ කරන්නේ කරන ආකාරය පිළිබඳ තමාට නොවැටහෙන බව ඔහු සඳහන් කරයි.

කොවිඩ් 19 වයිරසය තවත් මාස කිහිපයක් අප අතර පවතිනු ඇතැයි ඔහු පවසයි.

එම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පිළිවෙත අනුව රැජිණට ප්‍රසිද්ධ වැඩවල නියැලීම සඳහා අවදානමක් උද්ගතවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ අතර එරට ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ගිම්හාන සෘතුවේදී බකින්හැම් මාලිගය වසා දමනු ඇති බවයි.

එවැන්නක් සිදුවන්නේ වසර 27 කට පසුව බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

-226-
(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (3)

බ්‍රිතාන්‍ය මහරැජිණ ඉදිරිපෙළ වැඩකටයුතුවලින් ඉවත් වෙයි

රවින් Monday, 11 May 2020 08:21 AM

අවුරුදු 94ක් කියන්න විශ්‍රාම යායුතු වයසක් නොවේද?

:       2       145

de silva Monday, 11 May 2020 12:53 PM

දැන් අවරුදු 94 වෙලත් බල තණ්හාව තවම අඩු වෙලා නැත , රජ උෂ්ණය ඔලුවට ගැහුවම ඔහොම වෙනවා.

:       0       0

de silva Tuesday, 12 May 2020 06:03 AM

අනේ මෙහෙම බල ලෝභයක්. විශ්‍රාම යන්නේ නැත්තේ මොකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site