
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පාසල් වසාදැමීමට සහ ජාතික මට්ටමේ විභාග කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කළේ, මෑතකදී, එංගලන්තයේ පළමුවරට සියලු පාසල් වසාදැමීමට සිදු වන අවස්ථාව මෙය බවයි.
මිලියන 8ක පමණ සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් වසාදැමීමට තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් බලකෙරුණු බව කී අග්‍රාමාත්‍යවරයා වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගුරුවරුන් සහ සිසුන් ස්වයං-නිරෝධායනට යොමු කළ බවද පැවැසීය.
මෙම තීරණය ගැනීමට පෙළඹුණේ, ස්කොට්ලන්තය සහ වේල්සය පාසල් වසාදැමීමට තීරණය කිරීමත් සමඟිනි.
ඒ අනුව, බ්‍රිතාන්‍යයේ සියලු පාසල් සිකුරාදා දිනයේදී නැවත දැනුම්දෙන තුරු වසාදමන බව අධ්‍යාපන ලේකම් ගේවින් විලියම්සන් මහතා පැවසීය.
ඒ සමඟ ම අඩු ආදායම්ලාභී සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද බ්‍රිතාන්‍ය රජය තීරණය කරමින් සිටී.
උතුරු අයර්ලන්තයේ පාසල් ද ලබන සඳුදා දිනයේ සිට ගිම්හාන සෘතුව දක්වා කාලයක් වසාදැමීමට නියමිත බව බලධාරීහු පවසති.
බ්‍රිතාන්‍යයේ ජාතික මට්ටමේ අධ්‍යාපන විභාග සහ උසස් පෙළ විභාගය මේ වසරේදී නොපැවැත්වෙන බවද අධ්‍යාපන ලේකම් ගේවින් විලියම්සන් මහතා සඳහන් කළේය.
(සීඑන්එන්/ ද ගාඩියන්)
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වහන්න යයි