තිස්ස කොටින්කඩුව සහ සරත් චින්තන
ඇදිරි නිතිය බල පැවත්වු පසුගිය සෙනසුරාදා(04) රාත‍්‍රියේ ජාඇල බෝපිටිය පොලිස් වසෙමි පිහිටි වත්තල ප‍්‍රදේශිය සභාවේ මන්තී‍්‍රවරයකුගේ නිවෙසට ඇතුල් වි සොරකමේ යෙදි සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බෝපිටිය පොලිසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් අනතුරුව එම අවස්ථාවෙි පොලිසියේ සේවයේ යෙදි සිටි 10 දෙනෙකුගෙන් යුත් නිලධාරින් පිරිසක් වෙනත් ස්ථානයක ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කළ බව වත්තල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර පැවැසිය.
බෝපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එස්.අපලකොටුව ගෙන් සිද්ධිය සමිබන්ධයෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,ඉකුත් සෙනසුරාදා(04) රාත‍්‍රියේ වත්තල ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි වරයකුට අයත් නිවෙසක් බිද භාණ්ඩ සොරා ගැනිම සමිබන්ධයෙන් එම නිවෙස අසල පිරිසකගෙන් තදින් පහර කැමට ලක්වු සැකකරුවෙකු බෝපිටිය ගමිවාසින් විසින් පොලිසියට භාරදුන් බවයි.
ඉන් අනතුරුව පහර කැමට ලක්ව සිටි සැකකරු වහාම ප‍්‍රතිකාර සදහා රාගම මහ රෝහලට ඇතුලත් කර තිබේ.
සැකකරු ජාඇල සුදුවැල්ල ප‍්‍රදේ්ශයේ පදිංචිකරුවෙකි.
මේ වන විට බෝපිටිය පොලිස් ස්ථානය වත්තල සෞඛ්‍ය සේවා කාර්යාලයේ මෙහෙය විමෙන් ජිවානුහරණය කරණය සිදුකර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා සදහන් කරයි.
COMMENTS
අනිවාර්යෙන් කුඩ්ඩෙක්, මෙවන් උන්ව ප්‍රතිකාර කරලා බේරාගෙන රටට වැඩක් නැහැ , මුහුදට ගිහින් දැම්මනං මාලුන්ටවත් වැඩක් වේවි...
එතකොට අර ගහපු මිනිස්සුන්ව ටෙස්ට් කරන්නෙ නැද්ද?