ඩී.ජී.සුගතපාල
කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුලත් කර සිටි බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (09) සවස රෝහලෙන් පලා ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.
දෙවිනුවර රස්සන්දෙණිය මහවත්ත පදිංචිකරුවෙකු වන මෙම රැඳවියා ගෙවල් බිඳුමක් සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදි ඊයේ ඇතිවු උණ රෝගි තත්වයක් නිසා පි.සී.ආර්.පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවට ඇතුලත් කර ඇත.
මෙම වාට්ටුව කොරෝනා ආසාදිතයින් ඇතුලත් කරන වාට්ටුව නිසා රැඳවියාගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරින් යොදවා නැත.
ඔහුට කොරෝනා වැළඳි නැති බවට වාර්තාව ලැබිමෙන් පසු අද සවස මෙසේ රෝහලෙන් පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩිතබා මරා දැමිය යුතුමය.