(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොරෝනා වයිරසය පැතිරයන මේ මොහොතේ බන්‍ධනගාරවල පවතින තදබදය වහා අඩුකර සිරකරුවන්ට වයිරසය ඇතුලූ වීමේ අවදානම වළක්වන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (24) ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේය.
කොරෝනා රෝග මර්ධනයට ජනාධිපතිවරයා ඇතුලූ රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග ගැන අතිශය සතුටු වන බව කී සෝභිත හිමියෝ බන්‍ධනාගාර ගතව සිටින සිරකරුවන්ට රෝගය පැතිරයාම වැළැක්වීම සම්බන්‍ධයෙන් ද අවධානය යොමුකරන්නැයි ඉල්ලා සිටියහ.
අනුරාධපුර බන්‍ධනාගාරයේ ඇතිවු සිද්ධිය සැලකිල්ලට ගැනීමෙන් බන්‍ධනාගාරයේ ඇති තදබදය කොරෝනා වයිරසය බන්‍ධනාගාර තුලට ඇතුලූවීම වැළැක්වීමට අවශ්‍ය පියවර වහා ගත යුතුයැයි රජයට අවධාරණය කරන බවද සෝභිත හිමියෝ කීහ.
ඒ සදහා දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්ට අධිකරණය හරහා ඇප ලබාදී මුදා හැරිමටත්, සිර දඩුවම් නිමවීමට හය මාසයක් ඇති සිරකරුවන් නිදහස් කර සමාජ ගත කිරිම සුදුසු බවත් උන් වහන්සේ යෝජනා කරති.
COMMENTS
හා නියමයි... හාමුදුරුවනේ... කුඩු කාරයන් ඒළියට යවන්නද හදන්නේ?
පාරේ වැටිලා ඉන්න අසරණ අම්මා කෙනෙකුට වතුර පොදක් දෙන්නේ නැති අය....
අනේ කොහෙද හිටියේ මෙච්චරකල් ? මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවේ ටිකක් කට පියාගෙන ඉන්න. බන්ධනාගාර තදබදය අඩු කරන්න ? ඇයි කට්ටිය පන්සලට එවන්නද කියන්නේ ? රටේ ප්‍රශ්න විසදන්න අපි හොද නායකයෙක් පත් කරලා තියෙන්නේ. ඒවා එතුමා බලාගනියි. ඔබවහන්සේ පන්සල බලාගන්නකෝ.