(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයට පැමිනෙන ජනතාව පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බණඩාරවෙල එළවලූ තොග පොළ අද (7) සම්පූර්ණයෙන්ම වසා දැමීමට බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වෙළද ප‍්‍රජාව එක්ව කටයුතු කර තිබේ.
බදුල්ල දිස්ත‍්‍රික්කයේ විශාලතම එළවලූ තොග පොල බණ්ඩාරවෙල මෙම එළවලූ පොලවන අතර දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම විශාල වශයෙනන් වෙළද ප‍්‍රජාව මෙම තොග පොළට පැමිණීමෙන් මෙසේ මෙම තොගපොල වසා දැමීමට කටයුතු කර ඇත.
ඇදිරිනීතිය පැවතියද එළවලූ තොගපොළවල් විවෘතව තැබීමට හැකි වුවද ඊයේ සහ පෙරේදා දිනවලදී මෙම තොගපොලට විශාල ලෙස ජනතාවක් එක්රැස්වීම හේතුවෙන් ජනතාව අතර කොරෝනා රෝගය ව්‍යප්තවීමේ දැඩි අවධානමක් මතුවීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
මෙම තත්වය මත අද (7) සම්පූර්ණයෙන්ම තොගපොල වසා දැමූ අතර මෙම වෙළදසැල් සදහා දවස පුරා පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.
හෙට (8) දින බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා සමග එළවලූ තොගපොලෙහි වෙළද ප‍්‍රජාව සාකච්ඡාවක් පැවත්වීමට නියමිත අතර තොගපොල විවෘත කිරීම පිළිබදව නිසි වැඩපිළිවෙලක් සකස් කර නැවත විවෘත කිරීමට නියමිතව ඇතැයි බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.