IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බණ්ඩාරවෙල තොග වෙළඳපොළ වසා දමයි

(ඩී.කේ.රත්න)

බණ්ඩාරවෙල නගරයට පැමිනෙන ජනතාව පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බණඩාරවෙල එළවලූ තොග පොළ අද (7) සම්පූර්ණයෙන්ම වසා දැමීමට බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වෙළද ප‍්‍රජාව එක්ව කටයුතු කර තිබේ.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ විශාලතම එළවලූ තොග පොල බණ්ඩාරවෙල මෙම එළවලූ පොලවන අතර දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම විශාල වශයෙනන් වෙළද ප‍්‍රජාව මෙම තොග පොළට පැමිණීමෙන් මෙසේ මෙම තොගපොල වසා දැමීමට කටයුතු කර ඇත.

ඇදිරිනීතිය පැවතියද එළවලූ තොගපොළවල් විවෘතව තැබීමට හැකි වුවද ඊයේ සහ පෙරේදා දිනවලදී මෙම තොගපොලට විශාල ලෙස ජනතාවක් එක්රැස්වීම හේතුවෙන් ජනතාව අතර කොරෝනා රෝගය ව්‍යප්තවීමේ දැඩි අවධානමක් මතුවීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

මෙම තත්වය මත අද (7) සම්පූර්ණයෙන්ම තොගපොල වසා දැමූ අතර මෙම වෙළදසැල් සදහා දවස පුරා පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

හෙට (8) දින බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා සමග එළවලූ තොගපොලෙහි වෙළද ප‍්‍රජාව සාකච්ඡාවක් පැවත්වීමට නියමිත අතර තොගපොල විවෘත කිරීම පිළිබදව නිසි වැඩපිළිවෙලක් සකස් කර නැවත විවෘත කිරීමට නියමිතව ඇතැයි බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.



අදහස් (2)

බණ්ඩාරවෙල තොග වෙළඳපොළ වසා දමයි

Sumith Wednesday, 08 April 2020 12:11 AM

එළවලු තොග පොල. ආයෙ රුගෙන ගියොත්...

:       0       0

wije Wednesday, 08 April 2020 07:52 AM

නියමිත ක්‍රියාදාමයක් නොමැති කමෙන් ,අන්තිමට දුක්විඳින්නේ ගොවියා සහ පාරිභෝගිකයා පමනයි. රජය නියමිත වැඩ පිළිවෙලක් අනිවාර්යයෙන්ම සැකසිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site