( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයා ගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
පසුගිය 20 වෙනි දා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා රෝහල්ගත කළ කාන්තාවගේ සමීප ඥාතීන් වන බවත් ඔහු ඊට දින දෙකකට පෙර කොස් රැගෙන ගොස් එම නිවසට ලබාදී ඇති බව තොරතුරු අනාවරණය වූ බව වෛද්‍ය වරයා පැවසීය .
මාළු ව්‍යාපාරිකයා ආසාදිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පසු විපරමේ දී ඔහු නිවසට ආ බව ඩිපෝව අධිකාරී වරයාගේ බිරිඳ තොරතුරු වසන් කර තිබූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය .
එම කාන්තාව රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද දැනුම් දුන්න බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
COMMENTS
දැන් කෝ මුස්ලිම් මිනිස්සු ලෙඩේ හංගනවා කියලා කෑ ගහපු අය අත් උස්සන්න බලන්න
අරමුදලේ ශේෂය පෙන්න පෙන්න මොකක් කරන්නද? ඕකෙන් ටෙස්ටින් කිට්ස් ඇති තරම් ගේන්නේ නැතිව..... මේක තියන් ඉන්නවා ඇත්තේ චන්දෙ කාලෙට කොරෝනා වෙනුවෙන් අවස්ථා සදහා වියදම් කරන්නද? ඕකත් අපි වෙනුවෙන් අපි වගේ වෙයි. ඒකේ සල්ලිත් නැහැ තිබ්බ සල්ලි වලට හරියන ලෙස ගෙවල් නොමිලේ දුන්න ලිස්ට් එකකුත් නැහැ. චීනා ගිනි පොළියට කොමිසුත් එක්ක දීපු ණයට සින්න වුනු කොළණියට එවපු ටෙස්ට් කිට් ටිකයි , පරිත්‍යාග කල කිට් ටිකයි ඉබි ගමනින් පාවිච්චි කරනවා. අප්‍රේල් 8 වනකොට ටෙස්ට් කරලා තිබ්බේ 3248යි. අද අප්‍රේල් 23 වන කොට 7300ක් ටෙස්ට් කරලා. ගත වුනු දවස් 15 ටෙස්ට් කරලා තියෙන්නේ 4000 පමණ ගානක්. ආණ්ඩුව මාද්‍යයෙන් කියන්නේ දවසකට දැන් 600 ටෙස්ට් කරනවාලු. ගතවූ දවස් පහ තුළ 600ක් ටෙස්කර නම් ඔක්කොම 3000. එතකොට ඉතිරි දවස් 10ම කළේ 1000ද? පහේ පන්තියේ කොල්ලෙක්...
මේ 69 ලක්ෂෙ අය වෙන්න බැහැ මං හිතන්නෙ 3% වෙන්න ඇති නේද පොහොට්ටුව මහත්තයා!