(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වල්ගම සුසාන භූමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී අද (08) පොලිසියෙන් මිදී පැන ගිය බව කියන මත්තේගොඩ පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පලාගිය සැරයන්වරයා පැමිණි බව කියන මෝටර් රථයේ තිබී රා බෝතල් 15 ක් සහ එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලිප් චාමින්ද මහතා ඇතුළු නිලධාරීන් ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා සංචාරයේ යෙදී සිටියදී වීදාගම සිට වීදියගොඩ දෙසට පැමිණෙමින් තිබූ අඳුරු වීදුරු සහිත සුඛෝපභෝගී මෝටර් රථය නැවතීමත් සමඟ එහි වම් පස අසුනේ සිටි පුද්ගලයා පොලිස් පරීක්ෂකයා අසලට පැමිණ තමන් මත්තේගොඩ පොලිසියේ සැරයන්වරයකු බව පවසා රාජකාරි නිල හැඳුනුම්පත ඔහු වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි .
එම අවස්ථාවේදී දී ඇති වූ සැකයක් මත මෝටර් රථය පරීක්ෂා කරන ලෙස එහි සිටි අනෙක් නිලධාරියාට පැවසීමත් සමඟම මත්තෙගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයා එකවරම පලා ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
ඒ වන විට පලා ගිය සැරයන්වරයාගේ රාජකාරි හැඳුනුම්පත පොලිස් පරීක්ෂකයා සතුව තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පානදුර ප්‍රදේශයෙන් රා මිලදී ගෙන පොලිස් හැදුනුම්පත පෙන්වා මාර්ග බාධක රැසක් පසුකර මෙම පුද්ගලයන් පැමිණ තිබූ බවත් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා පොල්ගස්ඕවිට පදිංචිකරුවන් වන බවත් පලාගිය සැරෙන්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පොලිස් සැරයන්වරයෙක් පැදවූ මෝටර් රථයේ රා බෝතල් 15 ක්
siri Wednesday, 08 April 2020 01:01 PM
නිරෝධායනය කරන්න අරගෙන ගියා වෙන්න බැරි නැද්ද?
පිටිගල මිලානෝ Wednesday, 08 April 2020 01:04 PM
ඔය මෝටර් රථය මේ පැත්තටත් එවන්න බැරිද? අපිත් කොරෝනා නිසා ලෝකයේ වැඩිම පීඩාවට පත් වුන ජන කොටසක්.
Raveenda Wednesday, 08 April 2020 01:17 PM
අත් දෙක විසබීජ හරණය කරගන්න ගෙනිච්චද මන්ද !! සැරයන් කියන්නත් ලැජ්ජයි....
Pathum Wednesday, 08 April 2020 02:20 PM
රා ටිකක් බිව්වට තියෙන වැරුද්ද මොකක්ද?
Sriyani jayalath Thursday, 09 April 2020 03:03 AM
කසිප්පු වලට වඩා කොච්චර හොදද ?