( දිල්රුක්ෂි ග්‍රේරු)
වාරියපොළ පොලිසියේ නිලධාරියකුට පොලිස් පරිශ්‍රයතුළ දී පහර දුන් බව කියන පුද්ගලයකු අද (20 ) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම පොලිස් නිලධාරියා නීති විරෝධී මත්පැන් වැටලීමේ රාජකාරියේ යෙදී සිට ඇති බවත්, එම අවස්ථාවේ දී තමන්ගේ මත්පැන් අත්අඩංගුවට නොගන්නා ලෙස පුද්ගලයකුගෙන් ඇමතුමක් ලැබී ඇති බවත් පොලිසිය කියයි.
එම දුරකතන ඇමතුමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ද තමන්ට ඇමතුමක් ලැබිණැයි ද, පෙරකී සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඒ හිමිනම ද ඉල්ලා සිටියේ යැයි ද පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සටහන් තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් එම නිලධාරියා අද වෙනත් රාජකාරියකට ගොස් යළි පොලිසියට පැමිණෙද්දි ඔහුගේ පසුපසින් පැමිණි පිරිසක් අතර සිටි පුද්ගලයකු පොලිස් පරිශ්‍රයේදීම පහර දී ඇති බව ද, දුරකතන ඇමතුම දුන් ස්වාමීන් වහන්සේ ද පොලිසියට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදුණු බව ද කියමින් පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සටහන් තබා ඇතැයි පොලිසිය පවසයි.
පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, පහරකෑ බව කියන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
COMMENTS
අදාල ස්වාමීන් වහන්සේගෙ නමත් එක්කම දැම්ම නම් වටිනව...
අනේ අපොයි ! සාසනෙයි, පඬු හැලියයි...
මේ වගේ වෙලාවට නම් ගම් හංගන්න හොඳ නැහැ. එහෙම හංගන එකෙන් වෙන්නේ දන් බත් ගෙනිහින් මිනිස්සු තවත් පව් පුරවා ගන්න එකයි.
බුද්ධ දර්ශනයට අවමන් කල, සිවුරක් පොරවාගත්, එම වසලයාට ජම්පරය අන්දනු ලබන්නේ කවදාද? කොවිඩ්-19 වෛරසය හැදී 2ක් - උදේ සවස එම වසලයාට පොවන්න. එතකොට නියමෙට මොලය පැදි, සාමාන්‍ය පුද්ගලයෙකු බවට පත්වනු ඇත.
පොඩි මිනිස්සු වැරදි කළාම විතරද නම් ගම් පලකරන්නේ... ?
බුද්දාගම විනාස කරන්නේ “සහරන්ලට “වඩා බයානක “සගරාන්ලා” . අපි බොරුවට අන්‍යාගම් වලට දොස්කිවට අද සාසනය විනාස කරන්නේ අපේම අය නේද ?
කහ පාට ඇඳගත් අය ගත්තේ නැත්තෙ ඇයි?
මෙතන වෙලා තියෙන දේට වෙනස් දේවලුත් රටේ වෙනවා. එනම් අන්ත අහිංසක මිනිස්සුන්ව බොරු වැරදි වලට මහරැ ඇදිරි නිතිය අස්සේ අත්තනෝමතික ලෙස කුඩු කරලා තියෙනවා... ඒවට මොනවද කරන්නේ?
පොලීසිය ඇතුළට ඇවිත් ගහලා යනකල් අනික් අය නිදාගෙන හිටියද? ගහනකොට ගහන්න උගන්නන්න ඕනේද?
පොලිසියට ඇවිත් ගහන කල් අනිත් අය බලන් උන්නද ?
පොලිසියට ඇවිත් පරුෂ වචනයෙන් බණින හාමුදුරු කෙනෙක් පොලිස් අත්අඩංගුවට ගන්නෙ නැද්ද.? අනිවාර්යයෙන් දේශපාලකයෙක් මේක පිටිපස්සෙ ඉන්නව. මේවගේ සිවුරුකාරයින් එලියෙ තියන එකෙන් වෙන්නෙ බුද්ධ ධර්මය වල පල්ලට යන එක....
මම නම් කියන්නේ හොද වැඩක්. පොලිසියේ ඉදන්ම ගහන්න හිතෙන්න මොකක්හරි වරදක් තියෙන්න ඔන...
කසිප්පු අල්ලන්න එපා කියලා කසිප්පු කාරයො පොලිසියට කෝල් කරන රටක් මේක...
මහනායක ස්වාමීන්වහන්සේලාට මේවා පෙනෙන්නේ නැද්ද??? බුද්ධ ශාසනේ කෙලෙසන චීවරධාරින්ට දඬුවම් දෙන්නේ නැද්ද?
ඕක මොකක්ද?
මහානායකලාට ඕවා පෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ නිකම් ලෙඩ දමාගන්නේ නැහැ.