IMG-LOGO

පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනම අත්අඩංගුවට ගන්න පරීක්ෂණ

( පුෂ්පකුමාර ජයරත්න )

වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි හිමිනමක් ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව වාරියපොළ පොලිස් කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා පැවසීය.

වාරියපොළ පොලීස් ස්ථානය තුළදී පොලිස් පරීක්ෂකවරයකුට බැණ තර්ජනය කර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය එම විහාරාධිකාරි හිමිනම අැතුළු තිදෙනා මේවනවිට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවද සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය . 

නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමසීමට පැමිණි හිමිනම  පොලිස් ස්ථානය තුළදී පොලිස් පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කර ඇතැයිද ඉන් පසුව හිමිනම පැමිණි පිරිසක් පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඇතැයිද පැමිණිල්ලේ සඳහන්  වේ .

නීති විරෝධි මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් මේවනවිට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයාගේ සොයුරෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු එක්ව පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඇතැයි පැවසෙන අතර පහර කෑමට ලක්වූ එම නිලධාරියා මේවනවිට නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි .



අදහස් (11)

පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනම අත්අඩංගුවට ගන්න පරීක්ෂණ

Perakum Thursday, 23 April 2020 02:33 PM

පොලිසියට ඇවිත් ගහල යනකන් පොලිස් නිලධාරීන් මොනවද කලේ ? දැන් බොරුවට හොයනවා..!

:       0       0

සෙනෙවිරත්න Thursday, 23 April 2020 02:53 PM

මෙන්න හාමුදුරුවන් වහන්සෙලා හිරගත කරන්න හදනවෝ...!!!

:       166       79

jayath Thursday, 23 April 2020 03:11 PM

මේ රටේ මහා අපූරු දේවල් වෙනවා. පොලීසිය ඇතුලට ඇවිත් නිලධාරියකුට පහරදීල බැනල යන්න චීවර ධාරියෙක් ඇතුළු නඩයකට පුළුවන් වුණා... පොලිස් බැටන් පොලු , ආයුද තිබුනේ කොස් කොටන්නද කියල හිතෙනවා... ඔතන හිටියේ මම නම් එල්ලුම් ගස් 7 ක ගියත් තියනවා ඔලුව කුඩු වෙන්නම. මොනවා උනත් මේ පොරක් වෙන්න ගිය චීවර ධාරියගේ වොයිස් කට් එකක් මාධ්‍ය ජාල වල තියනවා...

:       0       0

Samira Thursday, 23 April 2020 03:38 PM

මොකක්... අර පොලිසිය ඇතුලේ ඩෙගා නටපු කෙනා අල්ලගන්න බැරිවුණා ...

:       0       158

chandima Thursday, 23 April 2020 03:52 PM

සිවුර ගලවල මහනායක හාමුදුරුවන්ට තැපෑලෙන් යවල, තමයි කුඩුවේ දාන්න තියෙන්නේ. නැතිනම් කුඩුවේ ඉන්න කසිප්පු කාරයින්ටත් අපට හාමුදුරුවනේ කියන්න වෙනවා...

:       0       148

විමලජෝති හිමි Thursday, 23 April 2020 04:02 PM

ඔහු අයත් සංඝසභාව කුමක්ද? සිවුරු හරවා ගෙදර යැවිය යුතුයි. සිවුරු හැරියොත් ඒ කසිප්පු මුදලාලිගේ මැනේජර් වැඩේ කරගෙන ඉඳියි. මෙවන් අය නිසා අපට සමාජයෙන් එල්ලවෙන පීඩාව එමටයි.

:       0       114

vidya Thursday, 23 April 2020 06:21 PM

මෙම භික්ෂුවගේ හැසිරීම වාරියපොළ ශ්‍රී සුමංගල හිමිට කල නින්දාවක් . පොලිසිය මෙම තත්වයට පත් උනේ කොහොමද? මහා නායක හාමුදුරුවරු මහන කල ගුරු හාමුදුරුවරු නිහඬව ඉන්නේ මොකද? මෙවැනි සඟුන් හට බුදු දහම සහ එහි ඇති දර්ශනය පහතට දැමීමට ඉඩ දෙනවාද? නැතිනම් නීතිය හරියට ක්‍රියාත්මක කරනවාද?

:       0       160

rajeevaThursday, 23 April 2020 08:35 PM

මොන පිස්සුද... මහා නායකලා බයයි...

:       0       0

Gamini Thursday, 23 April 2020 06:22 PM

සමාජයට සාපයක් වූ නීති විරෝදී වැඩ කිරීමට අනුබල දෙමින් බුදු දහමට නිගා කරන සහ සාසනයේ පිරිහීම ඇතිකරන මෙවැනි හිමිවරුන් සාසනයේ තබා ගැනීම පිළිබඳව මහනායක හිමිවරුන් දැඩිව සිතා බැලිය යුතුයි. මෙවැනි ක්‍රියා බොද්ධයන් වූ අපද ලජ්ජාවට පත්කරයි.

:       0       150

වාරියපොළ තරුණ කැල Thursday, 23 April 2020 06:29 PM

මොන පරීක්ෂණද...? ඔය පුද්ගලයා ආයේ පන්සලට ආවොත් අපි ඌව අල්ලාගන්නම්. අල්ලලා පන පිටින් හම ගහනවා....!!!

:       0       247

Gamage Friday, 24 April 2020 03:48 AM

දුෂ්ශීලයන් එළවා දැමිය යුතුයි. හාමුදුරු කෙනෙක්ට, කසිප්පුකාරයන් වෙනුවෙන් පොලීසී යනවට වඩා දහස් ගුණයක් වැඩ මේ දිනවල තමන්ගෙ ශ්‍රාවකයෝ වෙනුවෙන් තියෙන්න ඕනෙ. හැබැයි පොලිස් පරීක්ශකට පොලිසිය ඇතුලෙදි ගැහැව්වා කියන එකනම් බොරුවක් ...අපි නොදන්න පොලිසිය.

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 693 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1094 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site